ලොක්කන්ගේ දැස් වසා යහපාලනය වළ දමන කුප්‍රකට FL & SL සමාගම හෙළිවෙයි (විශේෂ)

Spread the love

Ranil-maithriවත්මන් යහපාලන ආණ්ඩුවත් රටත් අගාධයට ඇඳ දැමීමට ඉතා සුක්ෂමව සහ සැලසුම් සහගතව කටයුතු කරමින් සිටි කුමන්ත්‍රණයක තොරතුරු මේ වන විට හෙළිදරව් වෙමින් පවතී.

විජාතිකයෙකු වන මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් (මාමා – Father in Law) සහ ඔහුගේ කුප්‍රකට බෑනා (Son in Law) වන අර්ජුන් ඇලෝසියස් නැමැත්තා වත්මන් රජයේ ප්‍රධානීන් දෙදෙනා ඇතුළු යහපාලන ආණ්ඩුවත්, මෙරට ආර්ථිකයත් මුළුමනින්ම විනාශ කර දමා පිටමං වීමට සැලැසුම් කර තිබී ඇතැයි මේ වන විට අනාවරණය වෙමින් පවතී. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි විශ්වාසවන්තයෙකු වූ අර්ජුන් මහේන්ද්‍රන් මෙවැනි යටිකූට්ටු වැඩක් තම රජයට කරනු ඇතැයි ඔහුද නොසිතන්නට ඇත.

එහෙත් දිගින් දිගටම ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් මහ බැංකු අධිපතිවරයාගේ ඒකාධිපති ක්‍රියාකලාපයත් සාක්ෂි සහිතව අනාවරණය වී ඇති කරුණු හේතුවෙන් එය පසක් වී ඇත. එලෙස මේ වන විට මහබැංකු අධිපතිවරයා විසින් තම බෑන සමඟ එක්ව සැලසුම් සහගතව සිදුකොට ඇති මුල්‍ය වංචා, අක්‍රමිකතා සහ මෙරට ආර්ථිකයට සිදුකොට ඇති පාඩුව අති විශාලය.

ඔහු වත්මන් ජනාධිපතිවරයාවත්, අගමැතිවරයාවත් කැබිනට් මණ්ඩලය ඇතුළු රජයත් මුලාකරමින් විනාශ කිරීමට සැලසුම් කොට කටයුතු කර ඇත්තේ මෙසේය.

01) වර්තමාන මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා, වර්ෂ 2015 ජනවාරි 08 වන දා පිහිටවූ යහපාලන රජයේ, මුඛ්‍ය වටිනාකම්වලට හා ප්‍රතිපත්තිවලට ඉඳුරා ප්‍රතිවිරුදධව ක්‍රියාකරමින් ශ්‍රී ලංකා රජයට හා එහි ජනතාවට, පිළිවෙලින් රුපියල් කෝටි 6000 ක් හෙවත් රුපියල් බිලියන 06 ක අක්‍රමිකතාවයක් වර්ෂ 2015 පෙබරවාරි මස 27 වන දින ප්‍රකාශයට පත් කරන ලද, වසර 14 ක් සඳහා වූ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී ද ඉන්පසුව ඊට එරෙහිව ඇති වූ මහජන විරෝධය නොතකමින් වර්ෂ 2016 මාර්තු මස 29 දින පැවති බැඳුම්කර වෙන්දේසියේදී ද රජයට හා එකී ජනතාවට රුපියල් කෝටි 7000 ක් හෙවත් රුපියල් බිලියන 07 ක අක්‍රමිකතාවයක් සිදු කිරීමට සෘජුව හා / හෝ වක්‍රව සම්බන්ධවී මූල්‍යමය හා ප්‍රතිපත්තිමය අක්‍රමිකතා සිදු කිරීම.

02) එකී අක්‍රමිකතාවය සිය බෑණනුවන් වන අර්ජුන් ඇලෝෂියස් මහතාට හිමි ෆර්ෆෙට්‍රල් ට්‍රෙෂරීස් නැමති සමාගමක් සමග වංක සහයෝගයෙන් යුතුව කටයුතු සිදු කිරීම.

03) අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන තත්ත්වයක් තුළ, මහ බැංකුවේ අධිපති ධුරය දැරිය හැකි රාජ්‍ය නිලධාරියෙක් ලෙස, තම කාර්යය අවංකව, සද්භාවයෙන් හා කාර්යක්ෂමව සිය රටට හා ජනරජයට ඉටු කිරීමට ඔහුට ඇති නොහැකියාව ජනිත කොට තිබේ. ඒ නිසාම ආණුඩු ක්‍රම ව්‍යවස්ථාවේ 61 වන වගන්තිය යටතේ 04 වන උපලේඛනය යටතේ ශ්‍රී ලාංකික ජනරජය ආරක්ෂා කිරීමේ දිවුරුම ලබාදීමට නීතිය ඉදිරියේ නොහැකියාවක් ජනිත කොට තිබීම.

04) පසුගිය වසර එකහමාරක කාලයක් තුළ, ඔහු දැනට දරන සිංගප්පූරු පුරවැසිභාවය ඉවත දමා ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගැනීමට හැකියාවක් තිබියදී වර්තමාන රජය ද මෙරටේ ජනාධිපතිවරයා ද නොමග හරිමින් නිවැරදි නොවන වීසා තත්ත්වයක් යටතේ මහ බැංකු අධිපතීත්වය දැරීමට කටයුතු කිරීම.

05) රටේ මහ බැංකුවේ අධිපතීත්වය දරමින්, විදේශීය මූල්‍ය සමාගම් රැසක සාමාජිකත්වය දරමින්, ආදායම් ඉපයීම. එමගින් මූල්‍ය පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීම.

06) මෙතෙක් ශ්‍රී ලංකා මහ බැංකුව, රජය සඳහා ණය ලබාගැනීමේදී අනුගමනය කරමින් සිටි ප්‍රසිද්ධ වෙන්දේසි ක්‍රමය හා සෘජු ස්ථාපන ක්‍රමවේදය උල්ලංඝනය කරමින්, රජයට ණය ලබාගැනීමේදී ප්‍රාථමික ගණුදෙනුකරුවන් හා (ඵ්‍රිමර්ය් ඪේලෙර්ස්) මූල්‍ය වෙළඳපොළ ප්‍රමුඛතම ක්‍රියාකාරීන් හට, පොලී අනුපාත අයථා අන්දමින් හැසිරවීමට ඉඩ ලබාදෙමින් එකී ප්‍රාථමික ගණුදෙනුකරුවන්ට හා මූල්‍ය වෙළඳපළ ප්‍රමුඛ ක්‍රියාකාරීන්ට, අයුතු ධනවත්වීමට හැකියාවක් සහිත වාතාවරණයක් ඇති කිරීම.

07) තෝරාගත් ප්‍රාථමික ගණුදෙනුකරුවන් හා මූල්‍ය වෙළඳපල ප්‍රමුඛතම ක්‍රියාකාරීන් කොටසක් අයුතු ධනවත් කරවීම අරමුණු කර ගනිමින් බැඳුම්කර වෙනේදේසීන් තුළ ඔවුන්ගේ ඒකාධිකාරිය තහවුරු කරනු වස් රජය සතු සුවිශාල අරමුදලක් වන සේවක අර්ථසාධක අරමුදල, බැඳුම්කර වෙන්දේසියේදී ප්‍රාථමික ගණුදෙනුකරුවෙකු ලෙස ක්‍රියා කිරීම, චේතාන්විතවම වැළැක්වීම.

08) තමන් විසින් තෝරාගත් ප්‍රාථමික ගණුදෙනුකරුවන්ට අනීතික ලෙස ලබාදුන් බැඳුම්කර, ද්විතීක වෙළඳපළ තුළ සේවක අර්ථ සාධක අරමුදලට විකිණීමට සලස්වා, සේවක අර්ථසාධක අරමුදලට චේතනාන්විතවම අලාභ සිදු කිරීම.

09) මෙකී සියලු අක්‍රමික ප්‍රතිපත්ති තීන්දු තීරණ මූල්‍ය පනත යටතේ පිහිටුවා ඇති ඉහළම ආයතනය වන මූල්‍ය මණ්ඩලයට නොදන්වා එහි අනුමැතියෙන් තොරව ක්‍රියාකත්මක කිරීම.

10) පසුගිය මාස 14 ක කාලය තුළ දින 140 ක් විදේශගත වෙමින් මහ බැංකුවේ කාර්යයන් කාර්යක්ෂමව හා ඵලදායක ලෙස ඉටු කිරීම චේතනාන්විතවම හා නොසැලකිලිමත් ලෙස අතපසු කර තිබීම.

11) මහ බැංකුවේ අධිපති තනතුර අවභාවිත කරමින් රාජ්‍ය මූල්‍ය අපහරණය කිරීම. 28 වතාවක් විදේශ ගතවීම සඳහා ද රට තුළ පදිංචිවී නොසිටිය ද (සිය පවුල සංගප්පූරුවේ පදිංචිව සිටීයි.) නිල නිවාස දෙකක් නඩත්තු කිරීමට ද, විදේශ සංචාරවලදී අධි සුඛෝපභෝගී හෝටල්වල නැවතී සිටීම සඳහා ද රට අභ්‍යන්තරයේ ගුවන් ගමන් සඳහා ද මහ බැංකුව විසින් මෙතෙක් අනුගමනය කරන ලද මුදල් සීමා නොතකමින් රාජ්‍ය මූල්‍ය හිතුවක්කාරී ලෙස ද අයථා ලෙස ද වියදම් කිරීම.

ඉහත තත්ත්වයන් යටතේ වර්තමාන මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කරනු ලැබ සිටින විජාතික ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන් මහතා රටේ ප්‍රමුඛතම හා රටේ පැවැත්මට අතිශයින් වැදගත්වන්නා වූ මෙන්ම මූලෝපායික මර්මස්ථානය වන මහ බැංකුවේ අධිපතිවරයා ලෙස තවදුරටත් කටයුතු කිරීම අවධානම් ද? මෙවැන්නෙකු රටින් පිටුවහල් කළ යුතු නොවේද?

RSL

Related Posts