ඇලෝසියස් තමන්ට ලද අවස්ථාව මඟ හරින ලකුණු

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ පෞද්ගලික සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්‌ මහතා භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දීමට අකැමැති නම් හෝ සාක්‍ෂි දීම ප්‍රතික්‍ෂේප කරන්නේ නම් සාක්‍ෂි දීමට ඔහුට බල කිරීමෙන් වැළකීමට කොමිසම ඊයේ (13 වැනිදා) තීරණය කළේය.නඩුවකදී චෝදනා එල්ලවී සිටින පුද්ගලයකු (චූදිතයකු) සාක්‍ෂි කූඩුවට නැඟ සාක්‍ෂි දීමට අකැමැත්තක්‌ දක්‌වන්නේ නම් ඒ සඳහා ඔහුට බල නොකළ යුතුයි යන පිළිගත් නීතිමය සිද්ධාන්තය මත …

Continue Reading

ජනපතිගෙන් වයෝවෘද්ධ පූජ්‍ය පක්ෂය වෙත රක්ෂණාවරණයක්

වයෝවෘද්ධ පූජ්‍ය පක්ෂය වෙත නව රක්ෂණාවරණයක් ලබාදීම පිළිබද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ඊයේ (12) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අතර, එහිදී ඉදිරිපත් කෙරුණු යෝජනාවක් අනුව ජනාධිපතිතුමා මේ පිළිබඳ අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දෙනු ලැබීය.

Continue Reading

නව බදු පනතේ බදු අයකිරීම් 2018 අප්‍රේල් සිට ක්‍රියාත්මකයි

පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලද නව දේශීය ආදායම් පනත ලබන වසරේ අප්‍රේල් 01 දා සිට මුළුමනින්ම ක්‍රියාත්මක කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය අද (13) ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මෙම නව පනත සම්මත වූවායින් පසුව ප්‍රේෂණ බද්ද, ප්‍රාග්ධන බද්ද, රදවා ගැනීමේ බද්ද හා උපයන විට ගෙවීමේ බද්ද 2017 ඔක්තෝම්බර් මස සිට අයකිරීමටත් අදායම් බදු 2018 අප්‍රේල් 01 …

Continue Reading

ජනාධිපතිධුරය තව ටික කාලයකින් නැතිවෙනවා – ජනපති දියණිය කියයි

නෙක බාධක කම්කටොලු හමුවේ දිරිමත් බවින් විකසිතව ගලා ආ ඔහුගේ දිවිය, අතිශයින් ම සරල ය. අභියෝග හමුවේ නොසැළෙමින් රටේ පළමු පුරවැසියා ලෙස අභිසෙස් ලැබීමට තරම් භාග්‍යවන්තයකු වූ ඔහු පිළිබඳ තතු,’ජනාධිපති තාත්තා’ ලෙසින් සිය දියණියගේ පන්හිඳෙන් ලියැවී, මේ මස 15 වැනි දින උදෑසන 7.30ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී විකසිත වේ. ළගන්නාසුලු බසින් කවියක් පරිද්දෙන් ලියැවුණු මේ කෘතිය පිළිබඳ, එම කෘතියේ …

Continue Reading

රාජිත, එස්.බී, කිරිඇල්ල SAITM කොටස් හිමියන්දැයි සැකයක්!

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය එස්.බී දිසානායකට හා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්ට සයිටම් ආයතනයේ කොටස් හිමිකාරීත්වයක් ඇතැයි සැක කරන බව දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි. අද (13) පැවති එම සංවිධානයේ මාධ්‍ය හමුව පවත්වමින් ඒ මහා මෙම අදහස් පළ කළේය. ගිවිසුමක් අත්සන් නොකර එකඟතා ලියවිල්ලක් මත නෙවිල් ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික ගිණුමට බැර …

Continue Reading

ආරක්‌ෂක මණ්‌ඩලය උතුරු කොරියාවට සම්බාධක පනවයි

සයවැනි වරටත් න්‍යෂ්ටික පිපිරවීමක්‌ සිදුකිරීම සම්බන්ධයෙන් උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලය ඒකමතිකව තීරණය කර ඇත. මේ අනුව උතුරු කොරියාවට තෙල් සැපයීම සහ උතුරු කොරියාවේ රෙදිපිළි ආනයනය තහනම් වේ. ඇමෙරිකාව ඉදිරිපත් කළ සම්බාධක යෝජනාවට චීනය හා රුසියාව ද පක්‌ෂව ඡන්දය භාවිත කර ඇත. 2008 වසරේ සිට ආරක්‌ෂක මණ්‌ඩලය උතුරු කොරියාවට පැනවූ නවවැනි සම්බාධක තීන්දුව මෙයයි. උතුරු …

Continue Reading

ඇමෙරිකාවේ විශාලතම ගුවන්තොටුපළක් වසාදමයි

ඉර්මා කුණාටුව හේතුවෙන් බරපතළ හානි සිදු වී ඇති ඇමරිකාවේ ප්ලෝරිඩාහි මියාමි ගුවන්තොටුපළට වසාදමා ඇත. මෙම ගුවන්තොටුපළේ සියලුම ගුවන් ගමන් අවලංගු කර ඇති අතර මියාමි ගුවන්තොටුපළද ජලයෙන් යටවී ඇති අතර එහි සේවා කටයුතු යථාතත්ත්වයට පත්කිරීමට සෑහෙන කලක්‌ ගතවනු ඇති බවට වාර්තාවේ. මෙම විශාලතම ගුවන්තොටුපළේ ධාවන පථවලට ද හානි සිදුවී ඇත.

Continue Reading

විදුලිබල වර්ජනය ලත්තැනම ලොප් වෙයි! සේවක නිවාඩු අවලංගුයි!

අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය මත ලංකා විදුලිබල මණ්ඩලයේ සියලූම සේවකයින්ගේ නිවාඩු ලබන 20 වන දා දක්වා අවලංගු කරන බව චක්‍රලේඛනයක් මඟින් නිකුත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ඒ.කේ.සමරසිංහ මහතා පවසයි. මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයට සම්බන්ධ වෘත්තිය සමිති කිහිපයක් විසින් අද(13) දින දහවල් 12 සිට අඛණ්ඩව දින දෙකක වර්ජන ක්‍රියාවලියක නිරත වන බවට කළමණාකාරීත්වයට …

Continue Reading

ක්‍රිකට්‌ අතුරු කමිටුවක්‌ නැහැ; මේවා පාරේ කතා කරලා විසඳගන්න පුළුවන් ඒවා නෙවෙයි- ඇමති දයාසිරි

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාවට වර්තමානයේ ඇතිවී තිබෙන ගැටලුවට ක්‍රිකට්‌ අතුරු කමිටුවක්‌ පත්කිරීමෙන් විසඳුම් සෙවිය නොහැකි බවත් අදාළ ප්‍රශ්නයට විසඳුම සාකච්ඡා මාර්ගයකින් විසඳ ගත යුතු බවත් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි. වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌වලට උද්ගතවී ඇති අර්බුද හේතුවෙන් පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ්, නායක ඇන්ජලෝ මැතිව්ස්‌ සහ ක්‍රිකට්‌ තේරීම් කමිටුවද ඉල්ලා අස්‌විය. ඒ අනූව ක්‍රිකට්‌ පරිපාලනයේත් වෙනසක්‌ සිදුකිරීමට ඇමැතිවරයාගේ අරමුණක්‌ තිබේද …

Continue Reading

Exclusive: සැලසුමක් මත ධම්මික පෙරේරා සිංගර් සමාගම අත්පත් කරගනී

ඇමරිකානු ජාතිකයෙකු සතු ලොව ප්‍රකට සිංගර් සමාගමේ මුළු කොටස් ප්‍රමාණයෙන් සියයට 58% කට ප්‍රමාණයක් මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා විසින් මිලදී ගෙන ඇතැයි ඉතා විශ්වාසන්ත ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මීට අදාළ ගිවිසුම් ලබන සිකුරාදා (15) අත්සන් කිරීමට නියමිත අතර දැනට හේලීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඒ.ම්.පණ්ඩිත්ගේ මහතා සිංගර් සමාගමේ අධ්‍යක්ෂ ධුරයට පත්කිරීමට නියමිතව ඇත. ඇමරිකානු ජාතික ගුඩ්මන් මහතා සතුව …

Continue Reading