නාමල් ඇතුළු ලොක්කෝ පිරිස රිමාන්ඩ්
පසුගිය 06 වනදා හම්බන්තොටදී නාමල් රාජපක්ෂගේ ‘විරෝධතා සටන් දොරට වැඩීමේ’උත්සවයේදී (මෙම විරෝධතාවය සඳහා නාමල් රාජපක්ෂ නායකත්වය දෙන බවට ඒකාබද්ධයේ මාධ්‍ය විශාල ප්‍රචාරයක් ලබා දී තිබුණි) ඒ සඳහා පැමිණි නාමල්ගේ කොල්ලෝ කුරුට්ටන් ඇතුළු සහචරයින් අත්අඩංගුවට ගත්තද නාමල් ඇතුළු ඊට සහය දුන් ප්‍රබලයින් කිසිවෙකුත් අත් අඩංගුවට ගත්තේ නැත. එහෙත් මහජනතාවගේ ප්‍රශ්න කිරීම් සහ නීතිය ක්‍රියාත්මක කිරීමට ලද ජනතා බලපෑම් හමුවේ අධිකරණ නියෝග …
Continue Reading
සයිටම් විරෝධී සිසු දරුවන්ට අදත් පහර දෙති; 14 ක් රෝහලේ (වීඩියෝ)
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි අලෙවි ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා අද (10) පැවති උද්ඝෝෂණයේදී පොලිසිය සමග ඇති වූ ගැටුම්වලින් 14 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. තුවාල ලැබූවන් අතර භික්ෂුන් වහන්සේලා දෙදෙනකු සහ මාධ්‍යවේදියකු ද සිටින බවත් හිමිනමක සහ සිසුවකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් එම ආරංචි මාර්ග පවසයි.
Continue Reading
නාමල්ගේ ලේකම්වරියට අත්අඩංගුවට ගත් සැනින් ඇප! (වීඩියෝ)
හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් බව කියන ගවර්ස් කෝපරේට් සමාගමේ අධ්‍යක්ෂවරියක වන ඉරේෂා ද සිල්වා මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අද(09) අළුයම කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විත්තිකාරිය රුපියල් ලක්ෂ 05 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 ක ශරීර ඇප මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරු …
Continue Reading
මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට දෙනවාද..? නැද්ද..?
මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට ලබාදෙනවාද නැද්ද කියා මෙතෙක් තීන්දුවක් ගෙන නැතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (9) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඩලස් අලහප්පෙරුම මහතා ගෙන ආ සභාව කල්තැබීමේ යෝජනාව පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. මත්තල ගුවන්තොටුපළ සහ හම්බන්තොට වරාය සම්බන්ධව මාතර දිස්‌ත්‍රික් (එජනිස) මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් සභාව කල් …
Continue Reading
ශලිල මුණසිංහගේ ගනුදෙනු සඳහා ලිට්රෝ සමාගමේ කිසිඳු සම්බන්ධයක් නැති බව එම සමාගම කියයි
තායිවාන් ඊස්‌ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී (හැක් කර) එහි රහස්‍ය දත්ත වෙනස් කර රුපියල් තිස්‌පන් කෝටියකට අධික මුදලක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති ශලිල මුණසිංහගේ ගනුදෙනු පිළිබඳව ලිට්රෝ ගෑස් සමාගමේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව එම සමාගම සියලුම ව්‍යාපාරික හවුල්කරුවන් සහ මහජනතාව වෙත දැනුම් දී සිටී. රජයේ අයිතිය යටතේ පවතින සමාගමක් ලෙස ලිට්රෝ ගෑස් සමාගම දැඩි නියාමන …
Continue Reading
ICC දූෂණ විරෝධී ඒකකය විමර්ශනයක් සඳහා ජයසූරියව කැඳවයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයට ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සහ තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය ඩුබායි බලා පිටත්ව ගොස් ඇතැයි වාර්තා වේ. ජයසූරිය සිය නීතිඥවරයා සමඟ එම සංචාරයට ගොස් ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ. පසුගියදා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විසින් කළ ප්‍රකාශයක් හේතුවෙන් ජයසූරියට මෙසේ අයි.සී.සී. දූෂණ විරෝධී ඒකකයෙන් කැඳවීමක් ලැබී ඇතැයි වාර්තා වුවද ප්‍රමෝද්‍ය පවසා සිටියේ තමාගේ ප්‍රකාශයක් …
Continue Reading
සිරසේ සංඛ්‍යාත මනින්න ගිය බැසිල්ව නිරුවත් කරයි (වීඩියෝ)
“මිස්ටර් ටෙන් ප්‍රසන්ට් ලෙස කුප්‍රකට, ජනවාරි 8 ඡන්දයෙන් පසු කදමළු බැඳගෙන රටින් පැනගිය ඇමෙරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂ ඊයේ රැස්වීමක පළකළ අදහස් මේ. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, “මේ රටේ විකාශන අයිතිය දෙන ෆ්රී ක්වන්සිස් නැත්නම් සංඛ්‍යාත එක සමාගමකට දෙන එදා නෙළුම් කුළුණ හදලා සුනාමි ආවත් අපේ සන්නිවේදනය අඩපණ නොවෙන්න හදන්න ගියපු ඒ සංඛ්‍යාත ටික මහා රාජා සමාගමට අත යටින් දුන්න” බැසිල් …
Continue Reading
රවීගේ ගෝලයෙකු වන ශලීල මුණසිංහ තායි බැංකුවක් කොල්ල කයි!
තායිවාන් ඊස්‌ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී (හැක් කර) එහි රහස්‍ය දත්ත වෙනස් කර රුපියල් තිස්‌පන් කෝටියකට අධික මුදලක් ලබා ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට තරාතිරම නොබලා නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිසියට උපදෙස් දී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඒ අනුව අදාළ සිද්ධියට සම්බන්ධ හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ ගෝලයෙකු වන ශලීල මුණසිංහ නැමැත්තා රහස් …
Continue Reading
නව ව්‍යවස්‌ථාවෙන් මස් රාත්තලක් ඕනෑ කිවූ පළියට රාත්තලම දිය නොහැකියි
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හදන මෙහෙයුම් කමිටුවේ කිසිවකුට වැනීසියේ වෙළෙන්දන් මෙන් හැසිරීමට ඉඩදිය නොහැකි බවත්, මස් රාත්තලක් ඕනෑ කිවූ පළියට රාත්තලම දිය නොහැකි බවත්, අපට මේ රට වටිනා හෙයින් රටේ සහජීවනය, සංහිඳියාව, සාමය බිඳවැටෙන අයුරින් නීති හැදීමට අප සූදානම් නොමැති බවත් ජාතික සහජීවනය, සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේය. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කේ. ඒ. තිලකරත්න මහතා …
Continue Reading
රුසියාවේ හදන අලුත්ම යුධ නැව 2020දි ලංකාවට
රුසියාව විසින් ලංකාව වෙනුවෙන් නිපදවන අලුත්ම යුධ නැව (cheetah 5.1 Class Frigate ) 2020 දී ලංකාවට ලැබීමට නියමිතය. 2011 පසු රුසියාවෙන් ලංකාවට හිමිවන 2වන නෞකාව මෙයයි. තවම නිෂ්පාදනය ආරම්භ කර නොමැති cheetah 5.1 Class Frigate” නෞකාව නිෂ්පාදනය පටන් ගත් දිනයේ සිට වසර දෙකහමාරකින් ලංකාවට ලබාදීමට නියමිතයි. මෙම නෞකාව ලංකාවට හිමි වන්නේ පසුගිය යුද සමයේදී රුසියාව සහ ශ්‍රී ලංකාව අතර …
Continue Reading