ශලිල මුණසිංහගේ ගනුදෙනු සඳහා ලිට්රෝ සමාගමේ කිසිඳු සම්බන්ධයක් නැති බව එම සමාගම කියයි

Spread the love

තායිවාන් ඊස්‌ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී (හැක්‌ කර) එහි රහස්‍ය දත්ත වෙනස්‌ කර රුපියල් තිස්‌පන් කෝටියකට අධික මුදලක්‌ ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති ශලිල මුණසිංහගේ ගනුදෙනු පිළිබඳව ලිට්රෝ ගෑස් සමාගමේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව එම සමාගම සියලුම ව්‍යාපාරික හවුල්කරුවන් සහ මහජනතාව වෙත දැනුම් දී සිටී.

රජයේ අයිතිය යටතේ පවතින සමාගමක් ලෙස ලිට්රෝ ගෑස් සමාගම දැඩි නියාමන රාමුවකට යටත්ව තම ව්‍යාපාර කටයුතු කරගෙන යන අතර අධ්‍යක්ෂ මණ්ඩලයක පාලනය යටතේ ක්‍රියාත්මක වන විධිමත් ව්‍යාපාරික සහ ගිණුම්කරණ පටිපාටීන් අනුගමනය කරන බවත් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට සහනදායී සහ සෞඛ්‍යයට හිතකර ඉන්ධන මූලාශයක් සැපයීම තම ආයතනයේ අරමුණ බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම පසුගිය වසර 2ක කාලය තුළ ලාභාංශ ගෙවීම් මඟින් ශ්‍රී ලංකාවේ විශාලතම දායකත්වය සැපයූ රාජ්‍ය සමාගමක් බවට ලිට්රෝ සමාගමට පත්වීමට හැකි වූ බවත්, 2016 වසරේදී පමණක් ලිට්රෝ සමාගමෙන් මහා භාණ්ඩාගාරයට දැක්වූ දායකත්වය රුපියල් බිලියන 8.43ක් බවයි.

මේ සම්බන්ධයෙන් ලිට් රෝ ගෑස් සමාගම නිකුත් කළ සම්පුර්ණ මාධ්‍ය නිවේදනය මෙසේය.

RSL

Related Posts