රුසියාවේ හදන අලුත්ම යුධ නැව 2020දි ලංකාවට

Spread the love

රුසියාව විසින් ලංකාව වෙනුවෙන් නිපදවන අලුත්ම යුධ නැව (cheetah 5.1 Class Frigate ) 2020 දී ලංකාවට ලැබීමට නියමිතය. 2011 පසු රුසියාවෙන් ලංකාවට හිමිවන 2වන නෞකාව මෙයයි. තවම නිෂ්පාදනය ආරම්භ කර නොමැති cheetah 5.1 Class Frigate” නෞකාව නිෂ්පාදනය පටන් ගත් දිනයේ සිට වසර දෙකහමාරකින් ලංකාවට ලබාදීමට නියමිතයි.

මෙම නෞකාව ලංකාවට හිමි වන්නේ පසුගිය යුද සමයේදී රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් යුද උපකරණ ලබා දීමේ ණය ආධාර ගිවිසුම යටතේයි. ගිවිසුමට අනුව වසර 10ක් තුළදී රුසියානු රජය සමග ඩොලර් මිලියන 300 ක වටිනාකමක් සහිත යුද උපකරණ ලබා ගැනීමට ලංකා රජයට හැකියාව ලැබේ.

ඒ අනුව රුසියානු රජය cheetah 5.1 Class Frigate වර්ගයේ යුධ නෞකාවක් ශ්‍රී ලංකාවට ලබාගැනීමට යෝජනා කරන ලදී. වර්තමාන නාවුක අවශ්‍යතාවය අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවට එම නෞකාව ලබා ගැනීමට රජය කැමැත්ත පළ කර ඇත. නෞකාවේ වටිනාකම ඩොලර් මිලියන 158 කි.

​අදාළ රුසියානු Frigate නෞකාව ලංකාවට හිමි වන්නේ G2G යන ගිවිසුම යටතේයි. එනම් government to government. මෙය රුසියානු රජය සහ ලංකා රජය අතර ඇතිකර ගන්නා වූ සෘජු ගිවිසුමක්. අදාළ ගිවිසුමට වග කියන්නේ රටවල් දෙකේ රජයන් පමණි.

2025 දී ලංකාවට නැව් 20ක්

2015දි ගාල්ලේ පැවැති ජ්‍යාතන්තර නාවුක සමුළුව ලංකාවට ඉතා වැදගත්ය. එම සමුළුව නම්කර තිබුණේ Galle Dialogue International Maritime 2015 ලෙසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 වන විට අත්කර ගතයුතු ඉලක්කයන් පිළිබඳව සමුළුවේදී ලෝකයට පෙන්වා දී තිබුණා. නාවික බලය වැඩි කර ගැනීමේ අවශ්‍යතාවය නාවික හමුදාව විසින් මෙහිදී පැහැදිළි කර ඇත. ඒ වගේම 2009 වර්ෂයේ දී එල්ටීටීඊ ආයුද නෞකාවන් ජාත්‍යන්තර මුහුදේදී විනාශ කර දැමීමට නාවික බලය ඉවහල් වූ බවත් පෙන්වා දී තිබෙනවා.

නාවික හමුදාවට ශ්‍රී ලංකා ගොඩබිම මෙන් අට ගුණයකින් විශාල වූ මුහුදු කලාපයක් ආවරණය කිරීමට සිදුව තිබෙනවා. වෙළද නෞකාවන් සඳහා ලංකාවට අයිති මුහුදු තීරය තුළ දී ආරක්ෂාව සැළසීමේ වගකීම පැවරී ඇත්තේ ලංකාවේ නාවික හමුදාවටයි.

නාවික හමුදාව සතුව දැනට තිබෙන නෞකා තුළින් ජාත්‍යන්තර මුහුද තරණය කරමින් වැඩි කාලයක් සාගරයේ කල්ගත කිරීමට නොහැකිය. මේ බව ඉහත සමුළුවේදීත් අවධාරණය කර තිබෙනවා.

එම නිසා සාගර කලාපයේ බලය තව තවත් පුළුල් කිරීමට නම් විවිධ ප්‍රමාණයේ නෞකා 20ක් පමණ 2025 වෙන විට අවශ්‍ය බව නාවුක හමුදාවේ තක්සේරුවයි. එ්වා විවිධ රටවලින් මිලදී ගැනීමට නියමිතය.

පිහිටීමේ වාසිය

ලංකාවේ පිහිටීම අතිශයින්ම වැදගත්ය. නාවුක ගමනාගමනයේ කේන්ද්‍රස්ථානයක මෙන්ම ඉන්දියන් සාගරයේ ප‍්‍රධාන නාවුක ගමන් මගේ අපේ රට පිහිටා ඇත. මෙම පිහිටීමේ වාසිය සැළකිල්ලට ගෙන ජාත්‍යන්තර වශයෙන් ලංකාව නාවික කේන්ද්‍රස්ථානයක් කරගන්නවා නම් අදාළ නාවික ශක්තිය වර්ධනය කරගැනීම අත්‍යවශ්‍යය.

එමගින් වෙළද නෞකාවන්හි ආරක්ෂාව තහවුරු වේ නම් ඔවුන් ලංකාවට පැමිණීමට කැමැත්ත දක්වනු ඇත. ආරක්ෂාවේ ශක්තිය පෙන් වූ තරමට වෙළද නෞකාවන් වැඩි වැඩියෙන් ලංකාව කරා ඇදී එ්මට උනන්දුව දක්වාවි.

නාවික හමුදාව 2025 වන විට අත්පත් කරගැනීමට බලාපොරොත්තු වන මෙම ඉලක්කය විදේශ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපතිවරුන් සියලු දෙනාටමත් අවබෝධ කර දී ඇත. ගාල්ලේ පැවැති සමුළු වාර්තාව ඔවුන් සියළු දෙනාටම ඉදිරිපත් කර ඇත.

මෙම සූදානම අනුව ශ්‍රී ලංකා රජය විදේශ රටවලින් ඉල්ලා තිබෙනවා ශ්‍රී ලංකා මුහුදු කලාපය ජාත්‍යන්තර වෙළදාම සදහා නාවික මාර්ගයක් ලෙස නොබියව පාවිච්චි කරන ලෙස. නාවික හමුදාව අදාළ ඉලක්කයන් කරා යොමු වේ යැයි යන විශ්වාසය මත විදේශ රටවල් ශ්‍රී ලංකා මුහුදු තීරය වෙළෙඳ කටයුතු සඳහා උපයෝගි කරගැනීමේ අපේක්ෂාවෙන් ද පසු වේ.

අලුත් නැව පරණ නැවක් වුණේ කොහොමද?​

ලංකාවේ නාවුක බලය වැඩි කිරීමට සමත් මෙම නැව මිලදී ගැනීමට එරෙහිව බොහෝ අවලාද කතා පසුගිය දිනවල පැතිර ගියේය. පරණ නැවක් මිලදී ගැනීමට සුදානම් බවත් කොමිස් කුට්ටි ජාවාරමක් ඒ පසු පස තිබෙන බවත් පැතිර ගිය කතා අතර කිය වුණා.

මේ කතා සදහා පදනම් වෙන දේශපාලන පසු බිමක්ද ඇති බව ලේඛකයාගේ වැටහීමයි. වියට්නාමය, මියන්මාරය සහ බංගලාදේශයද රුසියාවෙන් මෙම වර්ගයේම නැව් මිලදී ගෙන තිබෙනවා.

ආසියාවේ ”ලොකු අයියා” තමන් ලෙස සිතාගෙන සිටින ඉන්දියාව, රුසියාවෙන් මෙවැනි යුධ නැව් මිලදී ගන්නවාට අකමැතිය.ඔවුන් ලංකාව වැනි රටවලට බලකර කියා සිටින්නෙ අවශ්‍ය නැව් ඉන්දියාවෙන් මිලදී ගන්නා ලෙසයි. රුසියාවෙන් යුධ නැව් මිලදී ගැනීම ඔවුන්ගේ යුධ ශක්තියට අභියෝග කිරීමක් සේ ඉන්දියාව සළකනවා විය හැකිය. නැතිනම් ”ලොකු අයියා” හීන මානයට ගැසූ පහරක් සේ සළකනවා වන්නටත් පුළුවන.

එවන් තත්වයන් ඇතිවන විටදී සෑම බලයක්ම යොදා පහරදීම ඉන්දියන් ඒජන්තයින්ගේ පිළිවෙතයි.ඒ වෙනුවෙන් අත්සන යෙදූ හිස් චෙක්පත් බෙදා හරියි. අසත්‍යය පතුරුවා හරිමින් කෙරෙන මාධ්‍ය පහරදීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නෙ අවසාන වශයෙන් වෙළද ගිවිසුම අහෝසි කිරීමටයි. ඒ වගේම තමන්ගේ ආධිපත්‍ය පවත්වා ගැනීමයි. ඔවුන් හැම විටම ලංකාව ස්වෛරී නිදහස් රාජ්‍යයක් බව අමතක කරයි.

https://newwars.wordpress.com/warship-costs/ යන වෙබ් ලිපිනයෙන් රුසියාවන් මිලදී ගැනීමට සූදානම් නෞකාව පිළිබඳව මෙන්ම බොහෝ නෞකා පිළිබඳව තොරතුරු දැන ගැනීමට හැකියාවක් ඇත.

උපුටනය: ඔන්ලයින් පුවත්

RSL

Related Posts