ඔළුවිල් සරසවියේ සමහර ආචාර්යවරු සිසුවියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලයි
ඔළුවිල් විශ්වවිද්‍යාලයේ මුදල් පෞද්ගලික ප්‍රයෝජනයට යොදා ගැනීමේ චෝදනාවට ලක් වූ ආචාර්යවරයකු එක්‌සත් ජාතික පක්‍ෂයේ නවක මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම සම්බන්ධව තමන් මවිත වන බව උසස් අධ්‍යාපන හා සංස්‌කෘතික ඇමැති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා පසුගියදා (08) පාර්ලිමේන්තුවේදී පැවසුවේය. විශ්වවිද්‍යාලයේ මුදලින් නිවාස නඩත්තු කිරීම, විදුලි බිල් ගෙවීම ආදී චෝදනා මෙම ආචාර්යවරයාට එල්ල වී ඇති බවත් ඒ ගැන කෝප් කමිටුව විසින් ද පරීක්‍ෂණ …
Continue Reading
බැඳුම්කර ගැන පොත් ලියූ සුජීව ලක්ෂ 30කට සුදු රෙදි ගලවා ගත් හැටි
රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමෙන් අවස්‌ථා තුනකදී රුපියල් ලක්‍ෂ 30 ක මුදල් චෙක්aපත් ලබාගෙන ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිය වැඩිදුර විමර්ශන වාර්තාව මගින් කොටුව මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවියට ඊයේ (07) දැනුම් දුන්නේය. මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ තුන්වන සැකකරු ලෙස නම්කොට ඇති පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධිත ඩබ්ලිව්. එම්. …
Continue Reading
හරීන්ගේ සහ ගෝලයින්ගේ දූෂණ-වංචා හෙළිකළ අය සේවයෙන් නෙරපයි
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට පූර්ණ අනුබද්ධිත සමාගමක් වන එස්.එල්.ටී. හියුමන් කැපිටල් සොලූෂන්ස් ආයතනයේ සේවය කළ සේවකයකු සිය පෞද්ගලික ෆේස්බුක් පිටුවක රජය හා රාජ්‍ය දේශපාලකයන් අපහසුතාවයට පත්කරන ආකාරයේ අදහස් දක්වන බවට චෝදනා කරමින් ඔහුගේ සේවය අත්හිටුවා තිබේ. මෙසේ වැඩ තහනම්කර ඇත්තේ කේ.ජී.කේ. දිල්ශාන් නැමැති විජයගම, බෙරලපනාතර අයකුගේය. අප සිදුකළ සොයා බැලීමකදී හෙළිවූයේ අදාළ තැනැත්තා විසින් තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ …
Continue Reading
මාරාන්තික ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙන් බේරීමට මඟක්..!
මේ දිනවල දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වය පිළිබඳව වැඩි අවධානයක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය මගින් යොමු කර තිබෙනවා. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පෙන්වා දෙන්නේ ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළදි ඇති පුද්ගලයන්ගේ කෙල හා සොටු ආදියෙන් රෝගය බෝවන බවත් එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගත හැකි සෑම පියවරක්ම අනුගමනය කිරීමට කටයුතු කළ යුතු බවත්ය. ගර්භනි කාන්තාවන්, කුඩා …
Continue Reading
ජනපති දින 100 හැදුවේ නෑ.. හදන්න බලය දුන්නා විතරයි – ඇමති රාජිත
දින 100යේ වැඩසටහන සකස් කරන අවස්ථාවේ එයට අවශ්‍ය තීරණ ගැනීමේ බලය ජනාධිපති විසින් අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ලබා දී තිබු බවත් දින 100 වැඩ පිළිවෙළ සකස් කිරීමට ජනාධිපතිවරයා සහභාගි නොවු බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. පසුගියදා (06) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා. ටී.එන්.එල්. විකාශනය නතර කළේ ඇයි? …
Continue Reading
TRC, TNL වැහුවේ මෛත්‍රීව විවේචනය කළ නිසා, ආණ්ඩුවට ඕනෑ වන්දිභට්ට මාධ්‍ය විතරයි – NMWJ පෙන්වාදෙයි
ටී.එන්.එල් රූපවාහිනි නාලිකාවේ පොල්ගහවෙල විකාශනාගාරය TRC හෙවත් විදුලි සංදේශන නියාමන කොමිසම් සභාව විසින් අත්හිටුවීමට ගත් තීරණයට හේතුව වන්නේ එම රූපවාහිනි නාලිකාව සිය ප්‍රවෘත්ති ප්‍රකාශ වම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදු කරන ප්‍රකාශ විවේචනය කිරීම බව වෙබ් මාධ්‍යවේදින්ගේ ජාතික ව්‍යාපාරය පවසා සිටිනවා. TNL රූපවාහිනි නාලිකාවට එරෙහි අසාධාරණ තහනම ඉවත්කරනු ලෙස රජයට බලකරන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ පාලකයන්ට …
Continue Reading
හදිසියේ TNL රූපවාහිනියේ විකාශන නතර කිරීම තුළ කිසිදු වෙනත් අරමුණක් නෑලු – TRC
ටෙල්ෂාන් ආයතනය විකාශන ස්ථාන කිහිපයක් සඳහා නියමිත ගාස්තු ගෙවා බලපත්‍ර ලබාගෙන තිබුණද පොල්ගහවෙල VHF11 හා VHF 03 භාවිතා කිරීමට කිසිදු අවසරයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලබා ගෙන නොමැති බවත්, මෙම නීතිවිරෝධි විකාශන නවත්වන ලෙසට 2016.04.27 දින ලිපියෙන් එම ආයතනයට දැනුම් දී තිබුණද එම නියෝගය එම ආයතනය විසින් නොසලකා හරිමින් මෙම විකාශනය ක්‍රියාත්මක කර ඇති බවත් 2016දී යැවූ ලිපියට 2018දී …
Continue Reading
2025දී කිරිවලින් ස්වයංපෝෂිත කරන්න ජනපතිගෙන් බහුවිධ වැඩපිළිවෙලක්
දේශීය කිරි කර්මාන්තය ශක්තිමත් කරමින් වසර 2025 වන විට ශ‍්‍රී ලංකාව දියර කිරි නිෂ්පාදනයෙන් ස්වයං පෝෂිත කිරිම සඳහා බහුවිධ වැඩපිළිවෙළක් ඇතුළත් කෙටුම්පතක් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබේ. දැනට දිවයිනේ පාසල් 450ක පමණ කි‍්‍රයාත්මක දියර කිරී ලබාදීමේ වැඩපිළිවෙළ තවදුරටත් ව්‍යාප්ත කරමින් ඉදිරියේදී සියලූ පාසල් දරුවන්ට කිරි වීදුරුවක් ලබාදීමේ ඉලක්ක සහගත වැඩපිළිවෙළ සැලසුම් කරන ලෙස ද …
Continue Reading
ගෝඨා ඩීල් දමමින් කට්ටි පනිද්දී බැසිල්ට එරෙහි නඩු නොවැ.01වනදා දිගටම
රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සහ ඝාතන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ නන්දසේන ගෝඨාභය රාජපක්ෂට එරෙහි දූෂණ සහ ඝාතන නඩු දිනෙන් දින කල් යද්දී, නඩු අසන විනිසුරුවරු නඩුවෙන් ඉවත් වෙද්දී රාජපක්ෂ රජයේම හිටපු ආර්ථික අමාත්‍යවරයා වූ බැසිල් රාජපක්ෂට එරෙහි නඩු නොවැම්බර් මස 01 වන දා සිට දිගටම විභාග කිරීමට තීරණය කර ඇත. රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු …
Continue Reading
“සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය” සා/පෙළ දක්වා අනිවාර්යයි
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අනිවාර්ය විෂයක් ලෙස හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව කැබිනම් සම ප්‍රකාශක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අද(06) පැවසීය. ඇමැතිවරයා ඒ බව පැවසුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාෙවන් සියයට 75ක් පමණ බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන බවත්, මුළු ජනගහනයෙන් …
Continue Reading