ගෝඨා ඩීල් දමමින් කට්ටි පනිද්දී බැසිල්ට එරෙහි නඩු නොවැ.01වනදා දිගටම

Spread the love

රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සහ ඝාතන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ නන්දසේන ගෝඨාභය රාජපක්ෂට එරෙහි දූෂණ සහ ඝාතන නඩු දිනෙන් දින කල් යද්දී, නඩු අසන විනිසුරුවරු නඩුවෙන් ඉවත් වෙද්දී රාජපක්ෂ රජයේම හිටපු ආර්ථික අමාත්‍යවරයා වූ බැසිල් රාජපක්ෂට එරෙහි නඩු නොවැම්බර් මස 01 වන දා සිට දිගටම විභාග කිරීමට තීරණය කර ඇත.

රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව අද(06) කොළඹ මහාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී මෙලෙස නියම කර ඇත.

ඉකුත් ජනාධිපතිවරණය සමයේ අඩු ආදායම් ලාභීන් අතර නිවාස ආධාර ලබාදීම සඳහා රුපියල් මිලියන 2992 ක මුදලක් වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ ,එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දීවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක, එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන අයට එරෙහිව නීතිපතිවරයා පොදු දේපළ පනත යටතේ නඩු පවරා තිබේ.

RSL

Related Posts