හරීන්ගේ සහ ගෝලයින්ගේ දූෂණ-වංචා හෙළිකළ අය සේවයෙන් නෙරපයි

Spread the love

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට පූර්ණ අනුබද්ධිත සමාගමක් වන එස්.එල්.ටී. හියුමන් කැපිටල් සොලූෂන්ස් ආයතනයේ සේවය කළ සේවකයකු සිය පෞද්ගලික ෆේස්බුක් පිටුවක රජය හා රාජ්‍ය දේශපාලකයන් අපහසුතාවයට පත්කරන ආකාරයේ අදහස් දක්වන බවට චෝදනා කරමින් ඔහුගේ සේවය අත්හිටුවා තිබේ.

මෙසේ වැඩ තහනම්කර ඇත්තේ කේ.ජී.කේ. දිල්ශාන් නැමැති විජයගම, බෙරලපනාතර අයකුගේය.

අප සිදුකළ සොයා බැලීමකදී හෙළිවූයේ අදාළ තැනැත්තා විසින් තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහතා විසින් සිදු කරන ලද වංචාවක් සම්බන්ධයෙන් ගිණුම් වාර්තා සහිතව අදාළ සේවකයාගේ ෆේස්බුක් පිටුවේ කළ හෙළිදරව් කිරීමක් මේ වැඩ තහනම් කිරීමට හේතුවී ඇති බවයි.

මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ රාජපක්ෂ රෙජීමය සමයේ එජාපයේ සමාජ මාධ්‍ය ජාලයේ ක්‍රියාකාරියකු ලෙස කටයුතු කළ අයෙකු බවද පැවසේ.

මානව සම්පත්, පරිපාලන හා නීතිමය කටයුතු සම්බන්ධ ප්‍රධානී දිවාන් රුවන්පුර මහතාගේ අත්සනින් යුතුව මේ ලිපිය නිකුත් කර තිබේ.

අදාළ සේවකයා ඉවත් කිරීමෙන් පසුව දිවාන් නැමැත්තාට උසස්වීමක් ලබාදී ඇති බව පැවසෙන අතර ඔහු මානව සම්පත්, පරිපාලන හා නීතිමය කටයුතු සම්බන්ධ ප්‍රධානියාවීමට පෙර සිට ඇත්තේ එම ආයතනයේ නීති කළමනාකරු ලෙස බවද පැවසේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනසන්නිවේදන ප්‍රධානියා හා විශයභාර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද දැනුවත් කර ඇති බව පැවසේ.

කෙසේවුවද, එජාප ප්‍රබල අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ බලපෑම් මත අදාළ සේවකයාගේ වැඩ තහනම් කර ඇති බව පැවසෙන අතර ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කුමන ආයතනයක සේවය කළද අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිව තිබේ.

දිල්ශාන්ගේ වැඩ තහනම්කරමින් නිකුත් කරන ලද ලිපිය පහත දැක්වේ.

RSL

Related Posts