
මේ දිනවල දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වය පිළිබඳව වැඩි අවධානයක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය මගින් යොමු කර තිබෙනවා.
මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පෙන්වා දෙන්නේ ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළදි ඇති පුද්ගලයන්ගේ කෙල හා සොටු ආදියෙන් රෝගය බෝවන බවත් එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගත හැකි සෑම පියවරක්ම අනුගමනය කිරීමට කටයුතු කළ යුතු බවත්ය.
ගර්භනි කාන්තාවන්, කුඩා දරුවන්, වසය 65 ට වැඩි පුද්ගලයන්, ස්වසන රෝග, ඇදුම, දියවැඩියාව වැනි රෝග පවතින පුද්ගලයන් හා ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයන් මෙම රෝගයට පහසුවෙන් ගොදුරු විය හැකි බැවින් මහජනතාව ගැවසෙන ප්‍රදේශ වලට නොයන ලෙස එම කාර්‍යංශය රෝගින්ගෙන් ඉල්ලා සිටිනවා.
Loading...