ජනාධිපති හා එජාප ගැටුමට වන්දි ගෙවන්නේ රටේ ජනතාවයි
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එක්සත් ජාතික පක්ෂය කෙරෙහි දැඩි විරසකයක් සහ විවේචනයක් පැවැතියද වත්මන් ආණ්ඩුව දිගටම ගමන් කරන බවත් ඒ හේතුවෙන් වන්දි ගෙවීමට සිදුවන්නේ මේ රටේ ජනතාවට බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කළේය. පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති සේනානායක ගුණ සමරු උළෙලට එක්වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳ …
Continue Reading
වීරයන් වගේ ආණ්ඩුවෙන් එළියට ගිය අපේ කට්ටිය අද කට්ට කනවා
වීරයෝ වගේ ආණ්ඩුවෙන් එළියට ගිය අය වගේ තමන් කට්ටකන්න කැමැති නැති බවත් අද ලක්ෂ්මන් යාපලා මාතර ජනතාව ගණන් නොගන්නා විට චන්දිම වීරක්කොඩිලාට පොහොට්ටුවේ අය ගෙදරටම ඇවිත් හූ කියනා බවත් කෘෂිකර්ම අමාත්‍ය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර පැවැසීය. දෙවිනුවර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක නිලංග හෙන්දාවිතාරණ මහතාගේ නිවෙසේදී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩල …
Continue Reading
ජනපති මෛත්‍රී ආයෙත් මුට්ටිය දමයි
වත්මන් සම්මුතිවාදී ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවා වන එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව සිදුකරනු ලබන සැලසුම් සහගත දේශපාලන ප්‍රහාරය හමුවේ යලිත් තම දේශපාලන සතුරු කඳවුරේ හිතවතුන් සමඟ සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමේ උත්සහයක් මෛත්‍රීගේ ගෝලබාලයින් හරහා ක්‍රියාත්මක වන බවට වාර්තාවේ. දේශපාලනයේ සදාකාලික සතුරෝද නැත මිතුරෝද නැත යන තේමා පාඨය මුල්කරගනිමින් ක්‍රියාත්මක කරන මෙම දේශපාලන මෙහෙයුම මඟින් තමාගේ පෞද්ගලික ආරක්ෂාව සහ දේශපාලන රැකවරණය …
Continue Reading
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභාව රැස් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි. පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු පිළිබඳව සහ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබදව මෙහිදි අවධානය යොමුකිරීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු මධ්‍යම කාරක සභා සාමාජිකයින්ට මේ පිළිබඳව දැනුම් දී ඇති බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස වැඩිදුරටත් පවසයි. …
Continue Reading
ජාතික ආණ්ඩුවෙන් ශ්‍රීලනිපය ඉවත් වෙන්න යළිත් යෝජනාවක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට වන යෝජනාවක් ඊයේ(13) දිනයේදී ජනාධිපතිවරයා වෙත ලිඛිතව ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ පවසයි. පසුගියදා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ ඒකමතික යෝජනාවකට අනුව අදාල ලිඛිත ඉල්ලීම ඉදිරිපත් කරන බව මන්ත්‍රීවරිය සඳහන් කළේය. ඒ අනුව පසුගිය දින කිහිපය තුළ මේ සම්බන්ධයෙන් 15 දෙනාගේ කණ්ඩායම …
Continue Reading
සභාග ආණ්ඩු ගැන කතා කිරීම බොරුවට කාලය කන වැඩක්; ඒකාබද්ධයේ නායකයින් විමල්ට කියාදෙයි
ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ පාර්ශ්වයෙන් නිල ආරාධනයක් ලැබෙනතුරු සභාග ආණ්ඩු පිහිටුවීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ තම කණ්ඩායම තුල සාකච්ඡා කරමින් කාලය කා දැමීමේ ඵලක් නොවන බවට ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් තීරණය කර ඇත. ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳව හෝ සභාග ආණ්ඩු පිහිටුවීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙතෙක් කිසිවක් ප‍්‍රකාශ කර නොමැති බැවින් මෙම තීරණය ගත්බව ඒකාබද්ධ විපක්‍ෂයේ ජ්‍යේෂ්ඨයෙක් පැවැසීය. ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ …
Continue Reading
වැඩකට නැති මෛත්‍රී-මහින්ද සභාග ආණ්ඩු හැදිල්ලකට දෙපැත්තෙම බහුතරය විරුද්ධ වෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ඒකාබද්ධ විපක්‍ෂයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරුන් හතළිස් එක්දෙනා අතර පෙරේදා (09) නිවසේ පැවති විශේෂ සාකච්ඡුාවේදී මන්තී‍්‍රවරුන් බහුතරයක් සභාග ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවට විරෝධය පළ කර තිබේ. මෙම සාකච්ඡාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහාචාර්ය ජී. එල්. පීරිස්‌ගේ නිවසේදී පැවැත්විණි. මෙහිදී සභාග ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්‌වූ චමල් රාජපක්‍ෂ ගම්මට්‌ටමින් ජීවත් වන ජනතාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට …
Continue Reading
“මහින්ද-මෛත්‍රී” සාකච්ඡා මහින්ද ප්‍රතික්ෂේප කරයි; SB මාරුවෙයි; විමල් තවමත් තප්පුලයි
වත්මන් “මෛත්‍රී-රනිල්” ආණ්ඩුවේ නිල කාලය අවසන් වීමට වසරක පමණ කාලයක් ඉතිරිව තිබියදී “මෛත්‍රී-මහින්ද” සුසංයෝගයෙන් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට සාකච්ඡා සිදුවන බවට සඳහන් වූ මාධ්‍ය වාර්තාවේ හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඊයේ(07) මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම 16 කල්ලියේ ප්‍රබල හිටපු අමාත්‍යවරයෙකු වූ එස්.බී.දිසානායකගේ නිවසේ පැවති බව සඳහන් වූ මෙම සාකච්ඡා සම්බන්ධයෙන් අද …
Continue Reading
බැසිල්ගෙන් විමල්ට සහ වාසුට ප්‍රහාරයක්!
රාජපක්ෂවරුන් කේන්ද්‍ර කරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන සහ සංවිධාන අංශ ප්‍රධානී බැසිල් රාජපක්ෂ විසින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන විමල් වීරවංශ සහ වාසුදේව නානයක්කාරට දැඩි දේශපාලන ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තාවේ. ආණ්ඩුවේ නිල කාලය නිමාවීමට වසරක් වැනි කෙටි කාලයක් තිබියදී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවමුයි කියමින් සෙසු අය කුලප්පු කරමින් ඊට කඩේයෑමට විමල් සහ වාසුදේව යන මන්ත්‍රීවරුන් දරනා …
Continue Reading
ශ්‍රීලනිපය දියවෙලා යන්නේ සභාපතිගේ දුර්වලකම නිසයි
‘මේ විදියට ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියවෙලා යනවා. ඒ ගැන මට හරි කනගාටුයි. මම හොඳ ශ්‍රී ලංකාකාරයෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ තත්ත්වයට පත්වෙයි කියලා කවදාවත් මම හිතුවෙ නැහැ. අලුත් සංවිධායකවරු පත් කිරීම ජනාධිපතිතුමාගෙ තීරණයක් වෙන්න ඇති. දැන් ඉන්න සභාපතිතුමා හරියට පක්ෂය මෙහෙයවන්නෙ නැති නිසයි අද මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ.’ යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම පසුගියදා ප්‍රකාශ …
Continue Reading