ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභාව රැස් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.

පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු පිළිබඳව සහ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබදව මෙහිදි අවධානය යොමුකිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු මධ්‍යම කාරක සභා සාමාජිකයින්ට මේ පිළිබඳව දැනුම් දී ඇති බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස වැඩිදුරටත් පවසයි.

කෙසේවෙතත් අද දිනයේ පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමට පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් 15 දෙනා සහභාගි නොවීමට තීරණය කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කළේ පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට සිය කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලීමක් කර ඇති බවයි. අදාළ ඉල්ලීමට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන තුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට සහභාගී නොවන බව ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙතෙක් එවන් ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කළේය.

RSL

Related Posts