වැඩකට නැති මෛත්‍රී-මහින්ද සභාග ආණ්ඩු හැදිල්ලකට දෙපැත්තෙම බහුතරය විරුද්ධ වෙයි

Spread the love

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ඒකාබද්ධ විපක්‍ෂයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරුන් හතළිස් එක්දෙනා අතර පෙරේදා (09) නිවසේ පැවති විශේෂ සාකච්ඡුාවේදී මන්තී‍්‍රවරුන් බහුතරයක් සභාග ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවට විරෝධය පළ කර තිබේ.

මෙම සාකච්ඡාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහාචාර්ය ජී. එල්. පීරිස්‌ගේ නිවසේදී පැවැත්විණි.

මෙහිදී සභාග ආණ්‌ඩුවක්‌ පිහිටුවීමේ යෝජනාව සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ චමල් රාජපක්‍ෂ ගම්මට්‌ටමින් ජීවත් වන ජනතාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සහ අගමැති රනිල් වික්‍රමසිංහට විරුද්ධව දැනටමත් අදහස්‌ ප්‍රකාශ කරන බව පෙන්වා දී ඇත.

සභාග ආණ්‌ඩුවක්‌ පිහිටුවීමේ ක්‍රියාවලියට තමන් සම්පූර්ණයෙන්ම විරුද්ධ බව සඳහන් කර ඇති කුමාර වෙල්ගම නායකත්වයේ තීරණය මත එවැන්නක්‌ සිදුවන්නේ නම් ඊට සහයෝගය ලබා දුන්නද තමන් කිසිවිටෙකත් සභාග රජයේ නොසිටින අතර විපක්‍ෂයේ අසුන් ගන්නා බවද ප්‍රකාශ කර ඇත.

සභාග රජයක්‌ පිහිටුවීමට මහින්ද රාජපක්‍ෂ තීරණය කරන්නේ නම් පාර්ලිමේන්තුව තුළ ආණ්‌ඩුව පෙරළීම සඳහා ඡන්දය ලබා දෙන බව ප්‍රකාශ කර ඇති කුමාර වෙල්ගම ආණ්‌ඩුව පිහිටුවීමෙන් පසු තමන් විපක්‍ෂයේ අසුන ගත්තද ආණ්‌ඩුව ගන්නා නිවැරදි තීන්දු තීරණ සඳහා සහයෝගය ලබා දෙන අතර වැරදි තීන්දුවලදී සහාය ලබා නොදෙන බව පවසා ඇතැයිද වාර්තා වේ.

ඒ අවස්‌ථාවේ දී මහින්දානන්ද අලුත්ගමගේ විපක්‍ෂයේ අසුන් නොගන්නා ලෙස කුමාර වෙල්ගම මහතාට පවසා ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කපටිකමින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය පහළට ඇද දමා තිබියදීත් රටටම එපා වූ ඔහු සමඟ එක්‌වී ආණ්‌ඩුවක්‌ පිහිටුවනවාද යන ප්‍රශ්නයද මෙහිදී මන්ත්‍රීවරුන් අතරින් මතුවී ඇත.

විවිධ අදහස්‌ දැක්‌වීම් සමඟ සාකච්ඡාව ඉදිරියට ඇදී යන අතරතුර කෙහෙළිය රඹුක්‌වැල්ල සහ මහින්දානන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරුන් සභාග ආණ්‌ඩුවට කැමැත්ත පළ කර ඇතත් ගාල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී රමේෂ් පතිරණ සහ අනුරාධපුර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ විරුද්ධත්වය ප්‍රකාශ කළද නායකත්වයේ කැමැත්තට අවනත වන බව සඳහන් කර තිබේ.

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහද සභාග ආණ්‌ඩු යෝජනාවට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් සභාග ආණ්‌ඩුවක්‌ පිහිටුවන්නේ නම් එය සිදු කරන්නේ ශ්‍රීලනිපය ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාව මත බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මෙහිදී සඳහන් කර ඇත.

ආශ්‍රිත පුවත්: “මහින්ද-මෛත්‍රී” සාකච්ඡා මහින්ද ප්‍රතික්ෂේප කරයි; SB මාරුවෙයි; විමල් තවමත් තප්පුලයි

ජනාධිපති සිරිසේනගේ වචන විශ්වාස කළ නොහැකියි; අවස්ථා ගණනාවකදී ඔහු විශ්වාසය කඩ කළා

බැසිල්ගෙන් විමල්ට සහ වාසුට ප්‍රහාරයක්!

RSL

Related Posts