ශ්‍රීලනිපය දියවෙලා යන්නේ සභාපතිගේ දුර්වලකම නිසයි

Spread the love

‘මේ විදියට ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියවෙලා යනවා. ඒ ගැන මට හරි කනගාටුයි. මම හොඳ ශ්‍රී ලංකාකාරයෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ තත්ත්වයට පත්වෙයි කියලා කවදාවත් මම හිතුවෙ නැහැ. අලුත් සංවිධායකවරු පත් කිරීම ජනාධිපතිතුමාගෙ තීරණයක් වෙන්න ඇති. දැන් ඉන්න සභාපතිතුමා හරියට පක්ෂය මෙහෙයවන්නෙ නැති නිසයි අද මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ.’ යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම පසුගියදා ප්‍රකාශ කළේය.

කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජිත හමුවකදී මාධ්‍යට අදහස දක්වමින් කුමාර වෙල්ගම මෙසේද කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ තත්ත්වයට පත්වෙයි කියලා කවදාවත් මම හිතුවෙ නැහැ. අලුත් සංවිධායකවරු පත් කිරීම ජනාධිපතිතුමාගෙ තීරණයක් වෙන්න ඇති. දැන් ඉන්න සභාපතිතුමා හරියට පක්ෂය මෙහෙයවන්නෙ නැති නිසයි අද මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද තියෙන්නෙ මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟයි. මේ රටේ මිනිස්සු පිළිගන්නෙ, ආදරය කරන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයටයි. මම පවුල්වාදයට කැමැති නැහැ. මම මහින්ද රාජපක්ෂ මහත්තය වෙනුවෙන් ඉන්නවා. මොකද රටේ ජනතාවගේ සිතුම් පැතුම් මම හොඳට දන්නවා. රටම ඉල්ලන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයවයි. ජනතා පැතුම මහින්ද රාජපක්ෂ මැතිතුමා නම් ආයෙ ඒක වෙන කාටවත් දෙන්න බැහැ.

2020දී මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරණයේදී නාම යෝජනා දුන්නොත් මැතිවරණ කොමසාරිස්වරයාට ඒක ප්‍රතික්ෂේප කරන්න බැහැ. මහින්ද මහත්තය දිනුවට පසුව ඡන්ද පෙත්සමක් දාන එක වෙනම කතාවක්. ඡන්ද පෙත්සම් මීට පෙරත් දාල තියෙනවා. ප්‍රේමදාස මහත්තයටත් දැම්මා. මැතිනියටත් ඡන්ද පෙත්සම් දැම්මා. ඒවා විභාග වෙනකොට මහින්ද මහත්තය ජනාධිපති වෙලා ඉවරයි.

තව මාස 14ක් අපට දෙන්න. අපි ආණ්ඩුව පිහිටුවනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාට යම් බලපෑමක් තිබෙනවා නම් එතුමා ඉල්ලන ආරක්ෂාව ලබාදිය යුතුයි. ආණ්ඩුව ඒ ගැන කටයුතු කළ යුතුයි. ගෝඨාභය රාජපක්ෂ මහතාව සහ ජනාධිපතිතුමාව ඝාතන කුමන්ත්‍රණය ඒකාබද්ධයේ වැඩ කියලා සමහරු කිව්වාට ඒකාබද්ධයේ එහෙම අය නැහැ. ඉන්නවා නම් මම දන්නෙ නැද්ද? එහෙම කරන්න කෙනෙක් නැහැ. අපේ ආණ්ඩුව කාලෙ නම් හිටියා. නමුත් දැන් නම් එහෙම එකෙක් නැහැ. ඔය වගේ මිනීමරන ඒව ඒකාබද්ධෙ අය කරන්නෙ නැහැ.

මේ විදියට ලංකා රුපියල බාල්දු වෙන්නෙ වැරැදි ආර්ථික කළමනාකරණය නිසයි. මේ විවෘත ආර්ථිකය අපට ගැළපෙන්නෙ නැහැ. දැන් අපේ රටට අනවශ්‍ය දේවල් මොන තරම් ගෙන්වනවාද? හඳුන් කූර, ඉටි පන්දම, අල්පෙනෙත්ත ඉඳල අවශ්‍ය අනවශ්‍ය සෑම දෙයක්ම ගෙන්වනවා. අපේ රටේ සුළු පරිමාණ කර්මාන්ත සියල්ල කඩා වැටෙනවා. මේවාට හරියට ඇහුම් කන් දෙන්නෙ නැති නිසා මේ තත්ත්වය උදාවෙලා තිබෙනවා. මේ ආණ්ඩුව රාජපක්ෂ, රාජපක්ෂ ණය කිය කිය ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ හිටිය නම් ණයත් ගෙවාගෙන මේ රටත් හොඳ තත්ත්වයකට ගේනවා.

ඩොලර් එක ඉහළ යනකොට නැවත වරක් රටේ සියලුම භාණ්ඩ මිල ඉහළ යනවා. වාහන මිල අවම වශයෙන් ලක්ෂ තුනකින් ඉහළ යනවා. පොඩි කාර් එකට බද්ද වැඩියි. එන්ජින් ධාරිතාව 5,000 නම් බද්ද අඩුයි. නමුත් මේ රටේ පදින්න පුළුවන් උපරිම වේගය පැයට කිලෝමීටර් සීයයි. එන්ජින් ධාරිතාව 5,000 වාහන පැයට කිලෝමීටර් 300ට යන්න පුළුවන්. කොහේ දුවන්නද මේව ගේන්නෙ. ලංකාවට ගේන්න අවශ්‍ය පැයට කිලෝමීටර් සියයට එකසිය පනහට යන්න පුළුවන් වාහන. නමුත් අනවශ්‍ය වාහන ලංකාවට ගෙන්වනවා.

මටත් හීන ගොඩක් තියෙනවා. ඒ අතර හොඳ හීනත් නරක හීනත් තියෙනවා. කොහොම වුණත් හොඳ හොඳ දේවල් තව ටික කාලෙකින් බලාගන්න පුළුවන්. මගේ හීන එකින් එක දැන්ම කියන්න අවශ්‍ය නැහැ. කොහොම වුණත් හීන හැබෑවන දවස ටික ටික ළං වෙනවා.

RSL

Related Posts