මලික්ගේ කලු සල්ලි සුදු කරන ජාවාරමේ සැඟවුන කොල්ලකරු උපුල්..?

Spread the love

ශ්‍රී ලංකාව තුල ආර්ථික අවපාතයක් ඇති මේ කාලවකවානුවට පෙර සිට සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර සිදුවන මහා මුදල් කොල්ලයක තොරතුරු හෙලිවෙමින් පවතී. මේ අනාවරණය වන තොරතුරු අනුව මෙහි ප්‍රධාන මෙහෙයුම්කරු වන්නේ ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති වන නීතිඥ උපුල් ජයසූරිය බවට සැකයක් බවතී.

මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සහ ඔහුගේ හිතමිත්‍ර සිංගප්පූරු ජාතික ශ්‍රි රාම් සමග ඇති ව්‍යාපාරික ගණුදෙනු වල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රි ලංකාව වෙතින් ආයෝජනය කරනු ලබන මලික් සමරවක්‍රම අමාත්‍යවරයාගේ කොමිස් මුදල් ඉඳුරාම සිංගප්පූරුවේ ඇති ශ්‍රි රාම් ඉන්ඩ්‍රස්ට්‍රීස් ඇන්ඩ් ප්‍රොපටීස් ආයතනය වෙත යොමුකරන බව මීට පෙරදීද හෙලි වී තිබූ කරුණක්. මහපොල ශිෂ්‍යත්ව අරමුදල මලික් සමරවික්‍රම අමාත්‍යවරයා යටතේ ඇති බැවින් එහි රුපියල් මිලියන 10000 ක කොටස් ශ්‍රි රාම් ඉන්ඩස්ට්‍රීස් ආයතනය වෙත නිසි ක්‍රමවේදයකින් තොරව පවරා ඇතැයිද එම තොරතුරු අනාවරණය තුලින් කියැවිණි.

මෙම ගනුදෙනුව පිටුපස නෛතික සහ ඒජන්තවරයා වශයෙන් පෙනී සිට ඇත්තේ එවකට ආයෝජන මණ්ඩල සභාපතිවරයාව සිටි නීතිඥ උපුල් ජයසූරිය බව තොරතුරු අනාවරණය වේ. 2015 මැයි මස සිට 2018 අගොස්තු මස දක්වා මේ අයතා ගනුදෙනුවේ මූලික මැදිහත්කරු වශයෙන් පෙනී සිට ඇත්තේ නීතිඥ උපුල් ජයසූරිය වන අතර, ඒ වෙනුවෙන් ඔහු රුපියල් කෝටි 3 කට ආසන්න මුදලක් ලබාගෙන ඇති බවටද තොරතුරු අනාවරණය වේ.

ශ්‍රි ලංකාවෙන් සිංගප්පූරුව වෙත යැවෙන මෙම කොමිස් මුදල් ශ්‍රී රාම් ප්‍රොපටීස් ආයතනය මගින් හම්බන්තොට, අනුරාධපුර සහ ගම්පහ ප්‍රදේශයන්වල අඹ, පොල් සහ අඹුටන් වගාවන් වෙනුවෙන් ආයෝජනය කර ඇතැයිද කියවේ. එම ආයේජන මුදල රුපියල් මිලියන 76.5 ක් වන අතර, ඒ සඳහා එවකට ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් නීතිඥ උපුල් ජයසූරිය මහතා ඉඳුරාම මැදිහත් වී ඇතැයි Merbok MDF Lanka (pvt) ආයතනය වෙතින් පෙත්සමක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටී. එම පෙත්සමට අදාල නඩුව, ගොනු අංක C.A.(writ) 49/2106 දරණ අංක යටතේ විභාග වෙමින් පවතී.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් සිංගප්පූරු ආයතනය වෙත රුපියල් මිලියන 1000 කට අධික මුදලක් අයතා අන්දමින් ලබාදී ඇති අතර, එම මුදලින් රුපියල් මිලියන 76.5 ක මුදලක් පමණක් මෙරටට ආයෝජනය කර ඉතිරි මුදල් මිලියන 963.5 ක මුදල් අවභාවිතාවක් සහ වංචාවක් සිදුකර ඇති බවද එම නඩුවේ කරුණු අනුව සඳහන් වේ.

මේ ආකාරයට ශ්‍රී ලංකා රජයට සහ ජනතා බදු මුදලින් මිලියට ගණනක වංචාවක් සිදුකර ඇති වගඋත්තරකාර මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සහ නීතිඥ උපුල් ජයසූරිය හිටපු ආයෝජන මණ්ඩල සභාපතිවරයාගේ ඉදිරි ක්‍රියාකලාපයන් පිළිබඳව ජනතාව විමසිල්ලෙන් බලා සිටින බැව් සඳහන් කල යුතුය.

උපුටනය: ලංකා සී නිව්ස්

RSL

Related Posts