ඇඟට නොදැනී පොකට්ටුවට විදින මංගලගේ ස්මාට් කලාව..

Spread the love

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් ජනතාවගේ ඇඟටත්, ආණ්ඩු බලයටත් නොදැනෙන ලෙස පික්පොකට් ගැසීමේ උපක්‍රමශීලි ක්‍රමවේදයක් මීට මාස කිහිපයට පෙර හදුන්වා දුනි. ඊට අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා වල මිල ගණන් නිරන්තරයෙන් ඉහළ පහළ යවන අතර එය ජනතාවට සාමාන්‍ය දෙයක් බවට පත්කරලීම මංගලගේ මෙම උපක්‍රමයයි.

ජාත්‍යන්තර වෙළෙඳ පොල දඬමීමා කරගනිමින් සිදුකරන මෙම උපක්‍රමය තුළින් මාස්පතා අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ පහළ දැමීම සිදුකරන අතර සැබැවින්ම පෙරට වඩා මිල ගණනන් ඉහළද පහළද යන්න ජනතාවට තබා විපක්ෂයේ දේශපාලනඥයින්ට පවා ගැටළු සහගත එකක් බවට පත්කිරීම මෙහි අරමුණයි. මෙය මෙලෙස මාස්පතා සිදුකිරීම තුළින් භාණ්ඩ මිල ඉහළ යෑම සම්බන්ධයෙන් ජනතාවට එතරම් දැනෙන දෙයක් නොවන අතර ඔවුන්ට නොදැනීම ඔවුන්ගේ පොකට්ටුවට ගැසීමට ආණ්ඩුවට හැකි වනු ඇත.

එසේම මෙම උපක්‍රමය හේතුවෙන් විපක්ෂයට භාණ්ඩ මිල ඉහළ යෑම දේශපාලනික සටන් පාඨයක් කරගැනීම අසීරු කටයුත්තක් මෙන්ම එය දේශපාලන වේදිකාව තුළ දීර්ඝ කාලීනව පවත්වාගෙන යා හැකි සටන් පාඨයක්ද නොවනු ඇත.

ඇමති මංගලට මෙවැනි නූල් සුත්‍ර නිර්මාණය කොට දේශපාලන අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමට හැකි වුවද, මුදල් අමාත්‍යවරයා ලෙස ඔහුගේ නොහැකියාව වසා ගැනීමට නොහැක.

එය පසක් කරමින් බාල්දු වන රුපියල හමුවේ ඊයේ (26) මාධ්‍යම රාත්‍රීයේ සිට ගෑස් මිල යළි ඉහළ දමා ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195 කින් ඉහළ යන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එම සමාගමේ අධ්‍යක්ෂ අලෙවි හා ආයතන සම්බධතා චාමින්ද එදිරිවික්‍රම මහතා ප්‍රකාශ කළේ ගෑස් සමාගම් විසින් කළ ඉල්ලීම අනුව මෙම මිල ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය එකඟතාව පළ කළ අතර, මිල තීරණය කිරීම ජීවන වියදම් කමිටුවට පැවරුණු බවයි.

ඒ අනුව ජීවන වියදම් කමිටුව පසුගියදා තීරණය කළේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195 කින් ඉහළ දැමීමටයි. ඒ අනුව රුපියල් 1538 ක්ව පැවති ගෘස්ථ සිලින්ඩරයක මිල රුපියල් 1733 දක්වා ඉහළ යනු ඇති.

මෙම මිල ගණන් දිස්ත්‍රික්කය අනුව වෙනස් වෙනු වෙයි.

ආශ්‍රිත පුවත්: ඔබට හොරෙන් මාස් පතා පොකට් ගහන මංගලගේ ස්මාට් කලාව

RSL

Related Posts