සභාග ආණ්ඩු ගැන කතා කිරීම බොරුවට කාලය කන වැඩක්; ඒකාබද්ධයේ නායකයින් විමල්ට කියාදෙයි

Spread the love

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ පාර්ශ්වයෙන් නිල ආරාධනයක් ලැබෙනතුරු සභාග ආණ්ඩු පිහිටුවීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ තම කණ්ඩායම තුල සාකච්ඡා කරමින් කාලය කා දැමීමේ ඵලක් නොවන බවට ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් තීරණය කර ඇත.

ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳව හෝ සභාග ආණ්ඩු පිහිටුවීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙතෙක් කිසිවක් ප‍්‍රකාශ කර නොමැති බැවින් මෙම තීරණය ගත්බව ඒකාබද්ධ විපක්‍ෂයේ ජ්‍යේෂ්ඨයෙක් පැවැසීය.

ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී අද (11) රාත‍්‍රී පැවැත්විණි.

මේ වන ඇමතිකමට ඉව අල්ලමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පසුපස යන විමල් වීරවංශගේ සිත සැනසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පක්ෂ නායකයින් වැඩි කාලයක් විඩංගු කර ඇත.

තම ඇමති සිහින බොඳවීම දරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් විමල් වීරවංශ පෙරදාක ජනතා විමුක්ති පෙරමුණෙන්, මහින්දගේ ආණ්ඩු තුරුලට පැන්න අයුරින් යළිත් වතාවක් “රට බේරාගැනීමට” යැයි පවසා පාර්ලිමේන්තුවේ කඳුළු සලමින් “ඩිස්නිලන්තයේ ගියත් සීගිරි බලන්න යන්න ලැබුණේ නැහැ සහෝදරවරුනි” යනාකාරයේ කථාවකින් පැනීමක් සිදුකිරීමේ හැකියාවක් පවතින බවටද වාර්තාවේ.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාව සඳහා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම නියෝජනය කරමින් අනුර ප‍්‍රියදර්ශන යාපා , ජෝන් සෙනෙවිරත්න යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ද ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස්, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුලූ ඒකාබද්ධ විපක්‍ෂයේ තවත් පක්‍ෂ නායකයන් කිහිප දෙනෙකුද සහභාගී වී ඇත.

RSL

Related Posts