විදුලිය පාවිච්චි කරන වේලාවේ හැටියට බිල ගෙවන්න ක්‍රමයක්

භාවිතා කරන වේලාව අනුව විදුලි ඒකකයක මිල වෙනස් වන ආකාරයට ගෙවීම් කළ හැකි ක්‍රමයක් තෝරාගැනීමට එකලා විදුලිය භාවිත කරන පාරිභෝගිකයන් හට අවස්ථාව ලබාදී ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ඒ අනුව රාත්‍රි 10.30 සිට පසුදා උදෑසන 5.30 දක්වා කාලය තුළ විදුලි ඒකකයක් සඳහා රුපියල් 13ක් අය කෙරෙන අතර අළුයම 5.30 සිට එදින සවස 6.30 දක්වා විදුලි ඒකකයක් සඳහා රුපියල් 25ක් …

Continue Reading

සයිටම් ගැටලුව විසදන තුරු වෛද්‍ය පිඨ ආචාර්‍යවරුන් Act16 (ERPM) විභාග සහ කොතලාවල වෛද්‍යපිඨ වැඩවලින් ඉවත්වේ!

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ඊට සහය පළකරමින් රජයේ අනෙකුත් රාජ්‍ය ආයතනය සහ වෘත්තීය සංගම් ගෙන යන සටනට සහයක් වෙමින් වෛද්‍ය පිඨ ආචාර්‍යවරුන් Act16 (ERPM) විභාග සහ කොතලාවල වල වෛද්‍යපිඨ වැඩවලින් ඉවත්වීමට තීරණය කොට ඇත. මේ අනුව සයිටම් ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය සම්බන්ධයෙන් ඊට …

Continue Reading

බැඳුම්කර කොමිසම ඇවිලෙයි! කුප්‍රකට කොල්ලකරු අර්ජුන්ව බේරාගැනීමට මෙහෙයුමක්!

ජනාධිපති බැඳුම්කර කොමිසමේ ඊයේ සාක්‌ෂි විභාගය අතරතුර රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ කණ්‌ඩායමේ නායක ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා සහ සෙසු සේවාදායකයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් අතර උණුසුම් වචන හුවමාරුවීම් සහ කරුණු දැක්‌වීම් දිගින් දිගටම සිදුවීම නිසා කොමිසමේ සාක්‌ෂි විභාගය එකම ගාලගෝට්‌ටියක්‌ බවට පත්විය.කොමිසම හමුවේ ඉදිරිපත් වන සාක්‌ෂි සහ වෙනත් විමර්ශනවලින් හෙළිවන කරුණු අනුව වැරදි කර ඇති බව පෙනී යන …

Continue Reading

මහින්දට අවශ්‍ය ආරක්ෂාව සපයන හැටි සාගල කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීම, දේශපාලන වශයෙන් ඉලක්ක කර සිදු කළ දෙයක් නොවන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා අද (05) පාර්ලිමේන්තුවේ දී මේ බව කියා සිටියේය. මේ වනවිටත් මේ වනවිටත් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් …

Continue Reading

සයිටම් විරෝධී වර්ජනයෙන් දුම්රිය ධාවනය ඇණහිටී; ල.දු.සේ. ක්‍රොන්තාත්කරුවන් කැඳවයි

ක්‍රොන්තාත් පදනම මත සිටින සියලූම දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් අද දින සේවයට වාර්තා කිරිම අනිවාර්ය බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එලෙස සේවයට වාර්තා නොකරන දුම්රිය රියදුරන් සහ නියාමකවරුන්ගේ සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කරන බවයි දුම්රිය ගමනා ගමන අධිකාරි විජය සමරසිංහ සදහන් කරයි.

Continue Reading

වෛද්‍යවරු වැඩ වැරීම ගැන ජනපති කණගාටුවෙයි

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පදනම් කර ගනිමින් නිර්මාණය වූ ගැටළු නිරාකරණය කිරීම සඳහා වගකිවයුතු රජයක් ලෙස ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසක් ගෙන ඇති අවස්ථාවක දේශපාලන න්‍යාය පත‍්‍ර අනුව කටයුතු කරමින් ඇතැම් පිරිසක් වැඩ වර්ජනවල නිරතවීම පිළිබඳ තමා දැඩි කනගාටුව පළකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (05) පෙරවරුවේ අනුරාධපුරයේ පැවති උත්සවයකට එක්වෙමිනි. දේශපාලන අතකොළු බවට …

Continue Reading

විශේෂඥ වෛද්‍ය පාදෙණියට ගැසු මඩ මෙහෙයුම ලත්තැනම ලොප්වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ මඩවේදීන් කල්ලියක් විසින් සමාජජාලවල සිදුකරගෙන ගිය මඩගැසීමේ මෙහෙයුම පැය 12ක් ගතවීමටත් මත්තෙන් ලත්තැනම ලොප් වී ඇත. විශේෂඥ වෛද්‍ය පාදෙනිය මහතා අද(05) දින සයිටම් විරෝධී වැඩවර්ජනයට සහභාගී වුවද ඔහු පුද්ගලික රෝහල්වල චැනල් සේවාවේ නිරත වන බවට චෝදනා කරමින් ඒ මහතාව චැනල් කළ රිසිට්පතක් ගෙන මඩ ප්‍රචාරයක් ඊයේ(04) …

Continue Reading

සයිටම් විරෝධී වර්ජනය සාර්ථකව ක්‍රියාත්මකයි

අද(05) පෙරවරු 08.00ට ආරම්භ කළ වර්ජනය සාර්ථකව ක්‍රියාත්මක වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. සෞඛ්‍ය වෘත්තීය සමිති, ප්‍රවාහන, ගුරු සහ විදුහල්පතිවරු ඇතුළු වෘත්තීය සමිති රැසක් වර්ජනයට එක්ව සිටින අතර ශිෂ්‍ය සංගම්වල සහය ද ඊට ලැබී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. පැය 24ක සංඛේත වර්ජනයක් ලෙස ක්‍රියාත්මක එම වර්ජනය සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් යම් යෝජනාවක් ඉදිරිපත් කරන්නේනම් …

Continue Reading

මහින්දට ප්‍රමාණවත් ආරක්ෂාවක් දිය යුතුයි – ශ්‍රීලනිප තරුණ පෙරමුණ

හිටපු ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රමාණවත් ආරක්ෂාවක් රජය මඟින් ලබා දිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණ කියා සිටී. මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රභූ ආරක්ෂක ඒකකයෙන් නිලධාරීන් 42ක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ මෙන්ම ප්‍රභූ ආරක්ෂාව සලසා දිය යුතු සියල්ලන්ගේම ආරක්ෂාව රජය …

Continue Reading

බැඳුම්කර වංචාව හේතුවෙන් මහබැංකුව ඓතිහාසික මුදල් අච්චු ගැසීමේ තවත් මගඩියක් හෙළිවෙයි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ උපදෙස්‌ මත පූර්ණ වෙන්දේසි ක්‍රමයකට මහ බැංකුව ගමන් කළ නිසා 2015 සහ 2016 යන වර්ෂ දෙකේදී ඓතිහාසිකව විශාල ලෙස මුදල් අච්චු ගැසීමට මහ බැංකුවට සිදුවූ බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (04) බැඳුම්කර කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් පැවසීය. මින් පෙර කිසිදු වර්ෂයක මෙපමණ මුදල් ප්‍රමාණයක්‌ ශ්‍රී ලංකා මහ බැංකුව …

Continue Reading