සයිටම් විරෝධී වර්ජනය සාර්ථකව ක්‍රියාත්මකයි

Spread the love

අද(05) පෙරවරු 08.00ට ආරම්භ කළ වර්ජනය සාර්ථකව ක්‍රියාත්මක වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සෞඛ්‍ය වෘත්තීය සමිති, ප්‍රවාහන, ගුරු සහ විදුහල්පතිවරු ඇතුළු වෘත්තීය සමිති රැසක් වර්ජනයට එක්ව සිටින අතර ශිෂ්‍ය සංගම්වල සහය ද ඊට ලැබී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

පැය 24ක සංඛේත වර්ජනයක් ලෙස ක්‍රියාත්මක එම වර්ජනය සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් යම් යෝජනාවක් ඉදිරිපත් කරන්නේනම් ඒ පිළිබඳ තීරණයක් ගැනීම සිදු කරන්නේ සියලු වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව බව එම ප්‍රකාශකයා පැවසුවේය.

මේ අතර වෛද්‍ය වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල බාහිර රෝගී ප්‍රතිකාර අඩාල වී තිබෙන අතර මේ හේතුවෙන් රෝගීන් විශාල පිරිසක් දුෂ්කරතාවට පත්ව සිටින බව ප්‍රාදේශීය වාර්තාකරුවන් වාර්තා කරති.

RSL

Related Posts