මහින්දට අවශ්‍ය ආරක්ෂාව සපයන හැටි සාගල කියයි

Spread the love

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීම, දේශපාලන වශයෙන් ඉලක්ක කර සිදු කළ දෙයක් නොවන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා අද (05) පාර්ලිමේන්තුවේ දී මේ බව කියා සිටියේය.

මේ වනවිටත් මේ වනවිටත් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 26ක් ඇතුළු ආරක්ෂක නිලධාරීන් 187ක් යොදවා තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

සෑමවිටම ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරුවක් සිදු කරන බවත් ඒ අනුව ආරක්ෂාව සඳහා නිලධාරීන්ගේ සංඛ්‍යාව තීරණය කරන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සැපයීමේ දී කාර්ය පිළිබඳව සිදු කරන තක්සේරු වාර්තාවක් අනුව එය සිදු කෙරෙන බවත් ආරක්ෂක තත්ත්ව වාර්තාව අනුව පොලිස් නිලධාරීන් 42ක් නැවත ගෙන්වා තිබෙන බවත්ය.

විශේෂ අවස්ථාවක ආරක්ෂාව සඳහා ඉල්ලීමක් කළ හොත් ඇමැති ආරක්ෂක කොට්ඨාශයෙන් අවශ්‍ය ආරක්ෂාව ලබාදිය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මහින්ද රාජපක්ෂ මහතා 2015 දී විශ්‍රාම යන අවස්ථවේ යුද හමුදා නිලධාරීන් 102ක් සහ පොලිස් නිලධාරීන් 103ක් ආරක්ෂාවට සිටි අතර පොලීසිය විසින් ප්‍රභූ ආරක්ෂව සිදු කළ යුතු බවට රජය ගත් ප්‍රතිපත්තිමය තීරණය අනුව හමුදාවේ නිලධාරීන් 102 වෙනුවට පොලිස් නිලධාරීන් ලබදීමට කටයුතු කළ බවයි. ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 26ක් ද ලබාදුන්නා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

RSL

Related Posts