රාජපක්ෂලාගේ පාදඩයින් වැඩ අල්ලයි! ගෝඨාභයගේ පොහොට්ටු රැස්වී­මට ගිය තරු­ණි­ය­ක් සමූහ දුෂ­ණයට ලක් කරයි!

කෑගල්ලේ පැවැති ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ දේශ­පා­ලන රැස්වී­ම­කට සහ­භා­ගිවී සිය මව සමග නිව­සට යමින් සිටි විසි හය හැවි­රිදි ආබා­ධිත තරු­ණි­යක් පසුගිය 7 වැනිදා රාත්‍රියේ පැහැ­ර­ගෙ­න­ගොස් දුෂණය කළ පොදු­ජන පෙර­මුණු ආධා­ර­ක­රු­වෙකු හෙම්මා­ත­ගම පොලී­සිය අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. ඇය එසේ පැහැ­ර­ගෙන ගොස් දුෂණය කර ඇත්තේ කෑගල්ලේ දේශ­පා­ලන රැස්වී­මට සහ­භා­ගි­වී­මට හෙම්මා­ත­ගම සිට ගිය එකම කණ්ඩා­ය­මක සිටි තරු­ණ­යෙක් විසින්ම බව පොලී­සි­ය­ ප­ව­සයි. …

Continue Reading

රාජපක්ෂ පවුල් සමාගම ජනාධිපති සිරිසේන ප්‍රමුඛ ශ්‍රීලනිපයට අවසන් ගුලියත් අඹරා ගිල්ලවන්න දඟලයි

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ රෙජීමය නොහොත් රාජපක්ෂවරුන්ගේම පවුල් සමාගමේ පක්ෂයේ අයවලුන් වන මහින්ද, ගෝඨා, බැසිල් යන තුන් බෑ ජටිලයින් අද(28) දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය. ඒ තම රාජපක්ෂ පවුලේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නොහොත් මහින්දගේ මලයා වන ගෝඨාභයට අවශ්‍ය ශ්‍රීලනිපයේ සහය ලබාගැනීම සඳහාය. මේ දක්වා ශ්‍රීලනිපයත්, ජනාධිපති සිරිසේනවත් වලපල්ලට යවන සියලු ගැට ගසා අවසන් …

Continue Reading

රාජපක්ෂලා යනු තම පාක්ෂිකයින් වහලුන් යැයි සිතන අයවලුන්; ඔවුන් කිසිදා වෙනස් වන්නේම නැත

ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම, කීත් නොයාර් පැහැර ගැනීම හෝ නිමක් නොමැතිව මාධ්‍යවේදීන්ට සිදුවූ අඩන්තේට්ටම්වලට මහින්ද රාජපක්ෂ මහතා කනගාටු නොවන බවත් පසුගිය දේවලින් පාඩම් ඉගෙන ගත්තා නම් අධිකරණ දෙකක විභාග වන නඩුවලට මුහුණ දෙන ගෝඨාභය රාජපක්ෂ මහතා තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් නොකරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඒ මහතා මේ බව පවසන්නේ විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් …

Continue Reading

නම දැමූ පසු ගෝඨාගේ පරාජය පෙනි පෙනී රාජපක්ෂවරු පසුබසිති! ගෝඨාගේ නම පෞද්ගලික මතයක් බව කියමින් බැසිල් කථා ගෙතීම අරඹයි

රාජපක්ෂ පවුලේ තනි පක්ෂය වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ විසින්ම පසුගියදා මාධ්‍ය හමුවේ තම මීලඟ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බව පැවසීමෙන් අනතුරුව බලාපොරොත්තු වූ අන්දමේ කිසිඳු ප්‍රාතිහාරයක් සිදු නොවීම නිසා මේ වන විට වෙනත් ආකාරයේ වැල් වටාරම් කථා ගොතමින් සිටින බව පෙනී යයි. ඔහු සති අන්ත ලංකාදීප පුවත්පත වෙත සම්මුඛ සාකච්ඡාවේදී පලකර ඇති අදහස් තුළින් …

Continue Reading

රාජපක්ෂලා සෙල්ලම් ගෙයක් හදාගෙන – නීතිඥ රජික කොඩිතුවක්කු

“මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන මිනිස්සු පවුලේ ප්‍රජාතන්ත්‍රවාදය හදාගන්න තමයි වැඩ කරගෙන යන්නේ. පවුලේ අපි එක. පවුලේ අපි අතට තමයි සියලුම රාජ්‍ය බලය කේන්ද්‍රගත වෙන්න ඕන කියලා හිතලා කටයුතු කරනකොට තමයිමේ විදිහට අයියලා මල්ලිලා හතර පස්දෙනා එකතුවෙලා සෙල්ලම් ගෙදරක වගේ ඔයා ජනාධිපති, ඔයා අගමැති, ඔයා ආර්ථික කටයුතු ඇමති කියලා වෙන්කරගෙන රට පාලනය කරන්න උත්සාහ කරන්නේ. එතකොට අනික් සියලූම දෙනාම …

Continue Reading

කිසිලෙසකින්වත් මම යළි වහලෙකු වී රාජපක්ෂ පවුල් සමාගමට වැඩ කරන්නේ නැහැ- විජිත් විජිතමුණි සොයිසා (වීඩියෝ)

දේශපාලන පක්ෂයක් ලෙස පැවසුවද පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ තනි පවුලක් විසින් බවත්, තමා කිසිඳු ලෙසකින් එවැනි තනි පවුලක් අරක්ගත් පක්ෂයක වහලෙකු වී රාජපක්ෂ පවුල් සමාගමට සේවය නොකරන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා මහතා පැවසීය. මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේ මොණරාගල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි. තමා මහින්ද රාජපක්ෂ මහතාට කොන්දේසි විරහිතව අසීමිතව උදව් කළ බවත්, එහෙත් එතුමාට …

Continue Reading

Exclusive: ජනපති අපේක්ෂත්වය ගැන රාජපක්ෂ පවුලේ තීරණය පක්ෂයේ නමින් ජනපතිට! ජනපතිට බෝලයක් බස්සවා ශ්‍රීලනිපය කඩා දැමීමේ සැලැස්මකුත් ඒ අතරට!

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරෙන අපේක්‍ෂකයා සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ නිල නිවසේදී පසුගියදා පැවැති සාකච්ඡාවේදී රාජපක්ෂ පවුල විසින් ගත් තීරණය පිළිබඳ දැනුවත් කිරීමට රාජපක්ෂ පක්ෂවරුන්ගේ නිල දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මඟින් ඉදිරි දින කිහිපය තුළදී ජනාධිපතිවරයා හමුවී සිදුකිරීමට නියමිතය. විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී හිටපු කථානායක චමල් රාජපක්‍ෂ, හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, …

Continue Reading

පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11ක් අතුරුදහන් කිරීමේ සැකකරුවන්ට නඩු

2008 – 2009 රාජපක්ෂ පාලන වකවානුව තුළ පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු සියලුම සැකකරුවන්ට අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 296 වැනි වගන්තිය යටතේ නඩු පැවරීමට දැනටමත් නීතිපතිවරයා තීරණය කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (06) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. ඒ අදාළ නඩුව අද කොළඹ …

Continue Reading

ජනාධිපතිකමයි, අගමැතිකමයි දෙකම රාජපක්ෂවරුන්ට දෙන්නේ නැහැ

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා පොහොට්ටුව එක් වි බිහි කරන සන්ධානයෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකත්වය වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට ලබා නොදුනහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තනිව තරග කරන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද සමරසිංහ පවසයි. එක් රාජපක්‍ෂවරයෙකු ජනාධිපති ලෙසත් තවත් රාජපක්‍ෂවරයෙකු අගමැති ලෙසත් පිලිගැනීමට රටේ ජනතාව සූදානම් නැති බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි. මහින්ද රාජපක්‍ෂ අගමැති කිරීමේ ගැටළුවක් නැති නමුත් මෛත‍්‍රීපාල සිරිසේන …

Continue Reading

රාජපක්ෂවරු හිතාගන්න බැරි, හොයාගන්න බැරි පාරවල් වලින් ණය අරන්ලු

පසුගිය රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුව නොහිතපු ආකාරයට විවිධ ක්‍රම ඔස්සේ 33%ක් පමණ ණය හොර පාරෙන් අරගෙන තිබෙන බව සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ ණය සීමාව ඉක්මවා ණය ලබාගෙන ඇති පසුගිය ආණ්ඩුව, දේශීය බැංකුවලිනුත් ණය ගෙන ඇති බවත්, එම ණය වල වැඩිම ප්‍රමාණය ලබන වසරේදී අපේ ආණ්ඩුවට ගෙවීමට තිබෙන බවත් අමාත්‍යවරයා පසුගියදා පැවති …

Continue Reading