රාජපක්ෂවරු හිතාගන්න බැරි, හොයාගන්න බැරි පාරවල් වලින් ණය අරන්ලු

Spread the love

පසුගිය රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුව නොහිතපු ආකාරයට විවිධ ක්‍රම ඔස්සේ 33%ක් පමණ ණය හොර පාරෙන් අරගෙන තිබෙන බව සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ ණය සීමාව ඉක්මවා ණය ලබාගෙන ඇති පසුගිය ආණ්ඩුව, දේශීය බැංකුවලිනුත් ණය ගෙන ඇති බවත්, එම ණය වල වැඩිම ප්‍රමාණය ලබන වසරේදී අපේ ආණ්ඩුවට ගෙවීමට තිබෙන බවත් අමාත්‍යවරයා පසුගියදා පැවති උත්සවයකට සහභාගී වෙමින් පැවසීය.

රජයක් ලබාගන්නා සියලුම ණය භාණ්ඩාගාරයේ සඳහන් වෙන්න ඕනි. නමුත් පසුගිය ආණ්ඩුව ඊට වඩා ණය අරගෙන තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ ණය සීමාව ඉක්මවා දේශීය බැංකුවලිනුත් ණය අරගෙන තියෙනවා. ඒ ණයත් වත්මත් ආණ්ඩුව ගෙවන්න අවශ්‍ය බවද අමාත්‍ය රාජිත සේනාරත්න පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න,

ඒ බැංකු පද්ධතිය කඩාවැටීම වැළැක්වීමට. ඒ වගේම කියන්න ඕනි මේ හොර පාරෙන් ගත්ත ණය ගෙවන්න සිද්ධ වුණත් අපේ ආණ්ඩුවට ආයෝජන රැසක් ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි නෙදර්ලන්ත ආධාර යටතේ ඉදිකරන ලද නුවරඑළිය සහ හම්බන්තොට නව රෝහල් පිළිබඳ ගැටලු තිබුණා. ඒ ගැටලු අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමෙන් පස්සේ විසඳන්න පුළුවන් වුණා.

ඒ නිසා ලබන වසරේ අප්‍රේල් මාසයට කලින් නුවරඑළිය මහ රෝහල විවෘත කරනවා. ඒ වග්ම තමයි දිවයිනේ අනෙකුත් රෝහල්වල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් සඳහා නව නිල නිවාස 1500ක් ප්‍රථම අදියර යටතේ අපි ඉදිකරනවා.

ඒ වගේම තමයි අපි ඉදිරියේදී දිවයින පුරා රෝහල් රැසක් යුරෝපයේ ප්‍රමිතියට අනුව සංවර්ධනය කරනවා. වෛද්‍ය, හෙද, පරිපූරක අතුරු වෛද්‍ය සේවාවල මානව සම්පත දෙගුණ කිරීමට අවශ්‍ය පියවර අපි අරගෙන තියෙනවා. ඒ වගේම වසර 2025 වන විට විශේෂඥ වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාව හඳුනා ගනිමින් වෛද්‍යවරුන් බිහි කිරීම සඳහා තවත් විශ්වවිද්‍යාල තුනක නව වෛද්‍ය පීඨ ස්ථාපිත කරනවා.

RSL

Related Posts