මංගලගේ තෙල් මිල සූත්‍රයට විරෝධය

Spread the love

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් හඳුන්වා දුන් ඔහුවත් නොදන්න තෙල් මිල සූත්‍රය වහාම හකුලා ගන්නා ලෙස ඉල්ලා අම්බලන්තොට නගරයේ විරෝධතාවයක් පැවැත්වීය.

අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති දර්ශන සංජීව මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 15 දෙනෙක් අද(16) අම්බලන්තොට නගරය මධ්‍යයේ නිහඬ විරෝධතාවයක නිරත වුහ.

අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ මහා සභා සැසිවාරය පැවැත්වීමට නියමිත අද(16) දිනයේදී ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දිනෙන් දින ඉහළ යන ජීවන වියදම, ජනතාව මත පැටවා ඇති බදු බර හා තෙල් මිල සූත්‍රය හකුලාගන්නා ලෙස ඉල්ලා මෙලෙස නිහඬ විරෝධතාවයක නියැළුණි.

පැය බාගයක පමණ කාලයක් මෙම නිහඬ විරෝධතාවයේ නියැලුණු මන්ත්‍රීවරුන් අනතුරුව මහා සභා සැසිවාරය සඳහා තම යතුරුපැදි තල්ලු කරගෙන ගොස් සභා සැසිවාරයට සහභාගී වීමට කටයුතු කළහ.

මෙහිදී අදහස් දැක්වූ අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති දර්ශන සංජීව මේ බව පැවසීය.

“සිංහල භාෂාවේ තිබෙන හොද වචනයකට පමණක් සිමාවන යහපාලනය කියන වචනය වචනයකට පමණක් සිමා කරමින් මෙම ආණ්ඩුව ගෙන යන මෙම මහජානතාව ආර්ථික අගාදයකට ඇදලා දාන්න කටයුතු කර තිබෙන බවත් කාර් එකක යන්න හිටිය ජනතාවට බයිසි කාලයේ තියා බස් එකේවත් යන්න බැරි තත්වයට මෙම ආණ්ඩුව ජනතාව පත් කර තිබෙන බව කියා සිටියේය.එම නිසා තෙල් මිල සුත්‍රය හකුලගන්නා ලෙස ද හෙතෙම ආණ්ඩුවට කියා සිටියේය.”

-දෙරණ-

Loading...

RSL

Related Posts