රාජපක්ෂ පවුල් සමාගම ජනාධිපති සිරිසේන ප්‍රමුඛ ශ්‍රීලනිපයට අවසන් ගුලියත් අඹරා ගිල්ලවන්න දඟලයි

Spread the love

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ රෙජීමය නොහොත් රාජපක්ෂවරුන්ගේම පවුල් සමාගමේ පක්ෂයේ අයවලුන් වන මහින්ද, ගෝඨා, බැසිල් යන තුන් බෑ ජටිලයින් අද(28) දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය. ඒ තම රාජපක්ෂ පවුලේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නොහොත් මහින්දගේ මලයා වන ගෝඨාභයට අවශ්‍ය ශ්‍රීලනිපයේ සහය ලබාගැනීම සඳහාය.

මේ දක්වා ශ්‍රීලනිපයත්, ජනාධිපති සිරිසේනවත් වලපල්ලට යවන සියලු ගැට ගසා අවසන් කොට ඇති කුප්‍රකට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ සහෝදරවරුන් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනීපෙට්ටියට අවසන් ඇණය ගැසීමට අවැසිය මිටිය ද (සහය )ලබාදෙන ලෙස එහි නායක සිරිසේනගෙන් කිසිඳු ලැජ්ජාවකින් සහ හිරිකිතයකින් තොරව ඉල්ලීමට යෑම පිළිකුල් සහගතය.

එපමණක් නොව 2018 ඔක්තෝම්බර් 26 වනදා ජනාධිපති සිරිසේන සිය සබ්බ සන්තකේම උගස් කොට මහින්දව අගමැති කොට 113 සදාගැනීමට පැවරූ විට යළිත් සිරිසේනට සහ ශ්‍රීලනිපයට හරවා ඇරීමට 113 අතේ තිබියදී එය විනාශ කරදැමූයේ වෙනකෙකු නොව බැසිල් රාජපක්ෂමය. ඊට ගෝඨාභයද දැක්වූයේ නොමඳ සහයකි.

පසුගිය වසර හතර තුල ශ්‍රීලනිපයට සහ සිරිසේනට වින කළේ එජාපය හෝ වෙනකෙකු නොව රාජපක්ෂලා සහ ඔවුන්ගේ සහචරයින්මය. එම නිසා ගෝඨාභයට සහය දී රාජපක්ෂලාගේ අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනිපෙට්ටියේ අවසන් ඇණයත් ගසා ගන්නවාද නැතිනම් රාජපක්ෂලාගේ පවුල් සමාගම් පක්ෂයෙන් ශ්‍රීලනිපයත්, රටත් බේරාගන්නවාද යන්න අද එහි නායක ජනාධිපති සිරිසේනට සහ පක්ෂයේ ප්‍රධානීන්ට භාර කටයුත්තකි.

RSL

Related Posts