අපි නිපදවූ චන්ද්‍රිකාවක්‌ අපේ පෘතුවිය වටේ යනවායි සිතෙන විටත් සතුටුයි

Spread the love

ශ්‍රී ලංකාව වෙනුවෙන් රාවණා – 1 නමින් නැනෝ තාක්‌ෂණය සහිත චන්ද්‍රිකාවක්‌ නිපදවා, අභ්‍යවකාශ ගත කළ ශ්‍රී ලාංකික විද්‍යාඥ තරිඳු දයාරත්න මහතා දින රාත්‍රී කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.

තරිඳු 26 දින රාත්‍රී 11.15 ට හොංකොං සිට පැමිණි කැතේ පැසිපික්‌ ගුවන් සේවයේ සී.එක්‌ස්‌.- 611 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

එහිදී රැස්‌ව සිටි මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ අදහස්‌ දැක්‌වූ විද්‍යාඥ තරිඳු දයාරත්න මහතා,

මට ආයතනයේ අවසර නොමැතිව අදහස්‌ ප්‍රකාශ කරන්න අවසර නැහැ. මම මේ චන්ද්‍රිකාව නිෂ්පාදනය කළේ ශ්‍රී ලංකාව වෙනුවෙන්, මේක කොළඹ ආතර් සී. ක්‌ලාක්‌ මධ්‍යස්‌ථානයේ ව්‍යාපෘතියක්‌, මට ගොඩක්‌ සතුටුයි, අහස දිහා බලනකොට, අපි නිපදවූ චන්ද්‍රිකාවක්‌ පොළව වටේ යනව නේද කියල හිතෙනවා.

අපි තව වසර 05 ක්‌ තුළ ශ්‍රී ලංකාවේ දී චන්ද්‍රිකාවක්‌ නිපදවා, ශ්‍රී ලංකාවේදීම අභ්‍යවකාශ ගත කිරීමට බලාපොරොත්තු වෙනවා. යෑයිද පැවසීය. විද්‍යාඥ තරිඳු පිළිගැනීම සඳහා ඔහුගේ ආදරය මෑණියන්, සහෝදර සහෝදරියන්, නෑදෑ හිතවතුන් මෙන්ම,

ඔහු අධ්‍යාපනය ලැබූ පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේ වත්මන් විදුහල්පතිතුමා මෙන්ම, එහි ආදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් තවත් පිරිසක්‌ ද කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

RSL

Related Posts