Exclusive: ජනපති අපේක්ෂත්වය ගැන රාජපක්ෂ පවුලේ තීරණය පක්ෂයේ නමින් ජනපතිට! ජනපතිට බෝලයක් බස්සවා ශ්‍රීලනිපය කඩා දැමීමේ සැලැස්මකුත් ඒ අතරට!

Spread the love

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරෙන අපේක්‍ෂකයා සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ නිල නිවසේදී පසුගියදා පැවැති සාකච්ඡාවේදී රාජපක්ෂ පවුල විසින් ගත් තීරණය පිළිබඳ දැනුවත් කිරීමට රාජපක්ෂ පක්ෂවරුන්ගේ නිල දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මඟින් ඉදිරි දින කිහිපය තුළදී ජනාධිපතිවරයා හමුවී සිදුකිරීමට නියමිතය.

විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී හිටපු කථානායක චමල් රාජපක්‍ෂ, හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, ඌව පළාත් සභා හිටපු මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්‍ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ යන රාජපක්ෂ පවුලේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කර ජනාධිපති අපේක්‍ෂකයා පිළිබඳ අවසන් එකඟතාවට පැමිණ තිබේ.

මෙය නිලවශයෙන් දැනුම්දීම සඳහා චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු නුදුරු දිනයකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීම සඳහා යෑමට නියමිතය.

ඉතා විශ්වාසවන්ත අභ්‍යන්තර දේශපාලන ආරංචිමාර්ග ඔස්සේ අප වෙත වාර්තාවන්නේ රාජපක්ෂවරුන්ගේ මෙම සැලැස්ම ඔස්සේ ජනාධිපති අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නාමමාත්‍ර උප ජනාධිපතිකමක් ලබාදෙන බවට පොරොන්දුවක් (දෙන්නම් කාසි වර්ගයේ බෝලයක් බස්සවා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද සහය ලබාගනිමින් මැතිවරණයෙන් පසු ශ්‍රීලනිපය සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව මුළුමනින්ම දේශපාලනයෙන් අතුගා අවසන් කිරීමටයි. ඉන් අනතුරුව එලඹෙන මහ මැතිවරණයේදී රාජපක්ෂවරුන්ගේ දේශපාලන පක්ෂයේ යටහත් පහත් අයවලුන් නොවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් ඇතුළු සියලුම දෙනා පක්ෂය පිටින්ම අතුගා අවසන් කිරීමට මේ වන විටත් රාජපක්ෂවරුන් සියලු සැලසුම් සකස්කර අවසන් බවට අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පුමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා නොදෙන්නේ නම් රාජපක්ෂවරුන්ගේ පක්ෂය සමඟ පැහැදිලිවම කිසිඳු සන්ධාන ගතවීමකට හෝ කිසිඳු එකඟතාවයකට නොයන බව ශ්‍රීලනිපයේ සහ ජනාධිපතිවරයාට සම්බන්ධ අතිශය සමීපතම ආරංචි මාර්ග “රීඩ් ශ්‍රී ලංකා” වෙත තහවුරු කර සිටියේය.

RSL

Related Posts