රාජපක්ෂලා සෙල්ලම් ගෙයක් හදාගෙන – නීතිඥ රජික කොඩිතුවක්කු

Spread the love

“මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන මිනිස්සු පවුලේ ප්‍රජාතන්ත්‍රවාදය හදාගන්න තමයි වැඩ කරගෙන යන්නේ. පවුලේ අපි එක. පවුලේ අපි අතට තමයි සියලුම රාජ්‍ය බලය කේන්ද්‍රගත වෙන්න ඕන කියලා හිතලා කටයුතු කරනකොට තමයිමේ විදිහට අයියලා මල්ලිලා හතර පස්දෙනා එකතුවෙලා සෙල්ලම් ගෙදරක වගේ ඔයා ජනාධිපති, ඔයා අගමැති, ඔයා ආර්ථික කටයුතු ඇමති කියලා වෙන්කරගෙන රට පාලනය කරන්න උත්සාහ කරන්නේ. එතකොට අනික් සියලූම දෙනාම එහෙමයි ස්වාමීනි කියාගෙන එහෙමයි මහරජානෝ කියාගෙන ඒ අය පස්සේ වැටෙන්න ඕන කියලා තමයි රාජපක්ෂලා කියන්නේ” යනුවෙන් නීතීඥ රජික කොඩිතුවක්කු මහතා අදහස් පලකළේ “නිදහසට හරි මඟ” සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

රාජපක්ෂ පවුලේ දේශපාලනය සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් කිරීමට රාජපක්ෂ පවුල ගනු ලැබූ තීරණය දැඩිව විවේචනය කල ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමඟ කිසිසේත්ම සංධාන ගත විය යුතු නැති බවටද ප්‍රකාශ කලා.

රාජපක්ෂවරුන්ට එරෙහිව කවුරුන්හෝ පුද්ගලයෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණ සටනට පිවිසිය යුතු “නිදහසට හරි මඟ” සංවිධානය සමඟ එක්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන ක්‍රියාකාරීන්ගේ මතය වී තිබේ.

RSL

Related Posts