
“බුදුරජාණන් වහන්සේගේ පිවිතුරු දේශනාවට අනූව සියළු ආගම් කෙරෙහි ගරු කිරීමටත්, එම ආගමික සාරධර්මවල වටිනාකම අවබෝධකරගැනීමට තමාට පෙන්වුයේ ද බුදු දහම මිස අන්කිසිවක් නොවන බවත්, ජාතිය හා ආගම තමා ජන්මයෙන් උරුමකරගත් දෙයක් මිස ඉල්ලා ලබාගත් දෙයක් නොවන බවත්, කිසිදු පුද්ගලයෙකු ජාතිය ආගම පදනම් කරගෙන උස්, පහත්කොට සැලකීම අමනෝඥ්ඤ කමක් බවත්” කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.
ජාතික ප්‍රශ්ණ වලදි ජාති,ආගම් හෝ පක්ෂ ලෙස නොබෙදී එක්ව මුහුණදීමෙන් මාතෘ භූමියට බොහෝ ජයග්‍රහන අත්පත් කර ගත හැකි වනු ඇති බව තම විශ්වාසය බවද අනාගත පරපුර උදෙසා රට මුහුණ දෙන දැවෙන ප්‍රශ්ණ විසදීමට සියළු බේද පසෙකලා එක්වෙමු යැයි සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවට ආරාධනා කරන බවද” කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.
කථානායකවරයා මේ බව සඳහන් කලේ මල්වතු විහාර පාර්ශවයේ මහා නා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කාරක මහා සංඝ සභාවේ ඒකඡන්දයෙන්“ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී” සම්මානය ලැබීමෙන් පසුව සම්ප්‍රදායිකව දළදා වහන්සේ වැදපුදා මහා නා හිමිවරු බැහැදැකීමට ගිය අවස්ථාවේ දීය.
මෙහිදී කථානායකවරයාට ආශීර්වාද කල මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නාහිමියන් ප්‍රකාශ කලේ“දිගුකාලයක් පුරා කරු ජයසුරිය මහතාගේ ජාතික හා ආගමික මෙහෙවර පිළිබඳ මහා සංඝරත්නය තුල තිබූ පැහැදීම මෙම අගය කිරීම තුලින් සංකේතවත් වන බවයි. හැම විටම සියළු බේද පසෙකලා රට ජාතිය,ආගම, ජාතික ආගමික සමගිය වෙනුවෙන් කරු ජයසුරිය මහතා කැප වන ආකාරය සියල්ලන්ට ආදර්ශයක් බවද” උන්වහන්සේ පැවසූහ.
කථානායකවරයාට ආශිර්වාද කල අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත මහා නා හිමියන් සඳහන් කලේ “විවිධ ක්ෂේත්‍රවල පවතින පරිහානිය දුටුවිට අප මාතෘ භුමියේ අනාගතය පිළිබඳ විශාල කණගාටුවක් ජනිත වන බවත්, සියළු දෙනාම රට ගැන සිතා කටයුතු කිරීමට කාලය එලඹ ඇති බවත්, කරු ජයසුරිය මහතාගේ ජිවන පිලිවෙත සහ මහජන සේවය තමන් වහන්සේ බෙහෙවින් අගය කරන බවත්ය”
මේ අතර, තමා බැහැදැකීමට පැමිණි කථානායකවරයා හුරීකඩුවේ විද්‍යාසාගර මහාපිරිවෙන් විහාරස්ථානයේ දී හමු වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි නායක ස්වාමීන් වහන්සේ පැවසූවේ. “තමන් වහන්සේ හමුවීමට පැමිණෙන විවිද පුද්ගලයන්ට තමන් මෛත්‍රී සහගතව ආශිර්වාද කරන නමුත්, කරු ජයසුරිය මහතාගේ පිරිසිදු ජීවන පිලිවෙත හේතුවෙන් එම ආශිර්වාදයන් නිසැකවම ඔහුට පිහිටන බවයි. කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව කථානායකවරයාට මහා සංඝරත්නය ආශිර්වාද කරනු සේ හදවතින්ම ජනිත වන හැඟීමකින් යුක්තව බවද ” උන්වහන්සේ පැවසූහ.
මහා සංඝරත්නය ලබා දෙන අවවාද වලට අනූව කුඩාකල සිටම කටයුතු කිරීමට සිය දෙමාපියන්ගේ ආභාශය ලැබුණු බව මෙහිදී සිහිපත්කල කථනායකවරයා ආනන්ද විදුහලින් සහ ශ්‍රී ලංකා යුධ හමුදාව තුලින් ලද පන්නරය ඕනෑම අභියෝගයකට ඔරොත්තුදීමේ ආත්ම සංයමය තමාට ලබාදුන් බවය , මෙහිදී මහානාහිමිවරුන් හමුවේ කථානායකවරයා ඉල්ලා සිටියේ ජාතික ප්‍රශ්ණවලදී පක්ෂ, බේද පසෙකලා එක්ව මුහුණ දෙන ලෙස සියළු පාර්ශවයන්ට තවදුරටත් අවවාද, අනුශාසනා කරන ලෙසය.”
ලෝකයේ බොහෝ රටවල් දැවෙන ප්‍රශ්ණ විසදාගනිමින් දියුණු තත්වයකට පත්වූයේ පොදු ජාතික න්‍යාය පත්‍රයක් ඔස්සේ අධිෂ්ඨානශිලිව එකමුතු ගමනක් යාම තුලින් බවද හෙතෙම පෙන්වා දුන්නේය.
“ ඔබ වහන්සේලාගේ ආශිර්වාදය හැමදාමත් අපක්ෂපාතියි. ඉතිහාසය පුරාම රටට ඒ නිවැරදි මඟපෙන්වීම ලබාදුන් ඔබවහන්සේලා විශේෂයෙන් මා අගය කිරීම මගේ ජිවිතයේ වැදගත් අවස්ථාවක් ” මාවෙත ලබා දුන් සම්මානයේ සම්භාවනීය බව ගෞරවනීය බව ආරක්ෂා කරමින් රටටත්, ජාතියටත් සේවය කිරීමට ප්‍රතිඥා දෙනවා,
මතු පරපුරට වඩාත් යහපත් රටක් උරුමකර දීම සඳහා ජීවිතයේ ඉදිරිකාලය ද පූර්ණ වශයෙන් කැපකිරීමට තමා පසුබට නොවන බව මෙහිදී කථානායක කරු ජයසුරිය මහතා පැවසිය.