සතිඅග සළරුව: Inside Out (2015)

ඉන්සයිඩ් අවුට් චිත්‍රපටය කවදා හෝ දවසක ලොව බිහිවූ විශිෂ්ටතම චිත්‍රපට අතරට යාම නොවැලැක්විය හැකි කරුණක්. ඒ විශිෂ්ටතම සජීවීකරණ චිත්‍රපටයක් හැටියට පමණක් නොවෙයි. විශිෂ්ටතම සිනමා කෘති වලින් එකක් හැටියටයි. කෙසේවෙතත් අප දකින එක් අවාසනාවන්ත කරනුණක් නම් ශ්‍රී ලංකාවේ ප්‍රබුද්ධ සිනමා රසිකයන් ගෙන් බොහෝ පිරිසකට සජීවීකරණ චිත්‍රපට මගහැරීයාමයි. “කාර්ටූන්.. කාර්ටූන් ළමයින්ට.. ළමාකතා.. ‘ගන්න‘ දෙයක් නැහැ…“ පිටත දේවල් ඇතුලත සිද්දවෙන දේවල් වල හැටියට …

Continue Reading

තැන නොතැන නොදන්නේ මහින්ද නොවෙයි ද?

මහින්ද රාජපක්ෂ පාලනය පෙරළාදැමීම වෙනුවෙන් මෛත්‍රී සමඟ ශ්‍රී.ල.නි.ප.යෙන් එළියට ආ එම්.කේ.ඩී.එස් ගුණවර්ධන මහතා පසුගිය දා අභාවයට පත් විය. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවර මහින්ද රාජපක්ෂ අවමංගල්‍යයට සහභාගි වෙන්නට එහි ගියේ ය. එහි දී මාධ්‍යකරුවෙක් ඔහුගෙන් ප්‍රශ්න කිරීමක් කළ අතර, උරණ වූ ඔහු “අවමඟුල හා මඟුලක වෙනස දැන ගන්නැ” යි කියා වාහනයේ නැග යන්නට ගියේ ය. ලංකාවෙ මාධ්‍යයන්ගේ වත්මන් භාවිතය ගැන අපට …

Continue Reading

ජනපති විමල් වීරවංශට සටන් පාඨ අහිමි කරයි!

“මෙම කරුණ සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර මැදිහත් වීමකට මා කිසිසේත්ම එකඟ නෑ. රටේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගන්නට දායකත්වය සපයන්නට පුළුවන් දැනුමැති පුද්ගලයන්, ප්‍රවීණයන් හා විශේෂඥයන් අප රටේ ඕනෑ තරම් සිටිනවා. රටේ තිබෙන ප්‍රශ්න රටේ අයට විසඳා ගන්නට පුළුවන්. ජාත්‍යන්තර ප්‍රජාව මේ සම්බන්ධයෙන් කලබල විය යුතු නෑ” මේ මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා බී.බී.සී සංදේශය සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවේ දී පළකරන ලද අදහස්වලින් …

Continue Reading

කුමාර වෙල්ගමට අල්ලස් නඩුවක්

මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ රජයේ හිටපු ප්‍රබල ඇමතිවරයෙක් වන කුමාර වෙල්ගමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් නඩු පවරා ඇත. මෙම චෝදනාවට අදාළව පරික්ෂණ පැවැත්වීමෙන් පසුව කොමිසම විසින් වෙල්ගම මන්ත්‍රීවරයාට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත. උප සභාපති නමින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නොමැති තනතුරක් ඇති කර එම තනතුරට පත් කළ එල්.ඒ. විමලරත්න යන අයට …

Continue Reading

නැවතත් ලැජ්ජයි රාජිත!

“වෛද්‍ය පාදෙනිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එකඟවෙලා ද” යනුවෙන් අද (21) දින අප පුවතක් පළ කළෙමු. ඒ ඇමති රාජිත සේනාරත්නගේ ප්‍රකාශයක් පදනම් කරගනිමිනි. එහිදී පවා අප පැවසුවේ, ඇමතිවරයාගේ ප්‍රකාශ පිළිබඳව අපට කිසිදු විශ්වාසයක් නැති බව යි. කන්න අවැසි වූ විට කබරයා තලගොයා කරගන්නා තාලේ මේ වගකීම් විරහිත ප්‍රකාශ රාජිත ඇමතිවරයාගේ දේශපාලන දිවිය පුරා ම දකින්නට ලැබෙන්නකි. එම ප්‍රකාශය පිළිබඳව රජයේ වෛද්‍ය …

Continue Reading

වෛද්‍ය පාදෙනිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එකඟ වෙලා ද?

ආන්දෝලනයකට ලක්ව ඇති සහ විවිධ විරෝධතා එල්ල වී ඇති මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇත. ඔහුගේ එම ප්‍රකාශයේ එක් තැනක මෙසේ සඳහන් ව ඇත. “ගරු අග‍්‍රාමාත්‍යතුමාත්, මමත්, මලික් සමරවික‍්‍රම ඇමැතිතුමත්, සෞඛ්‍ය ලේකම් තුමත්, භාණ්ඩාගාර ලේකම්තුමා ඇතුළු නිලධාරීන් සමග අරලියගහ මන්දිරයේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති …

Continue Reading

ලෝකයේ මහාපරිමාණ ආයෝජකයෝ අගමැති හමුවෙති

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ ලෝක නායකයින් රැසක් එක්වන ආර්ථික විශේෂඥයින් 2000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ 2016 ලෝක ආර්ථික සමුළුව අද ස්විට්සර්ලන්තයේ ඩෙවෝස් නුවර දී ආරම්භ විය. විශේෂ ආරාධනයක් අනුව ශ්‍රී ලංකාවේ නායකයෙකු ලෝක ආර්ථික සමුළුවට සහභාගි වූයේ මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවටය. ශ්‍රී ලංකාව තුළ මේ වසරේ දී මහා පරිමාණ ආයෝජන සඳහා හැකි ඉක්මණින් අවතීරණ විමට …

Continue Reading

විමල්ගෙන් ශිරන්ති ලද ගෙවල් ගැන කොමිසමට ප්‍රශ්න!

මහින්ද රාජපක්ෂ සමයේ දී නිවාස අමාත්‍යංශය විසින් මත්තේගොඩ ඉදිකිරන ලද අති සුඛෝපභෝගී නිවාස කිහිපයෙන් වැඩි ප්‍රමාණයක් ලබා දී තිබු‍ණේ එවක නිවාස ඇමති වූ විමල් වීරවංශගේ ඥාතීන් වෙත ය. තවත් එබඳු ම නිවසක් හිටපු ජනපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ වෙත ද ලබා දී තිබුණි. ඇය එම නිවසක් ඉල්ලා විමල් වීරවංශ වෙත යවන ලද ලිපිය ද පසුගිය කාලයේ මාධ්‍යවල පළ වී තිබුණි. මේ …

Continue Reading

“සාගරයක් මැද අමන රටක් ඇත!”

වසර බොහෝ ගණනකට පෙර මෙසේ ලිව්වේ සිසිර කුමාර මාණික්කආරච්චි නම් ලේඛකයා ය. අවුරුදු 2500ක ශිෂ්ටාචාරය, නිර්මල ථෙරවාද බුදු දහම, රාවණ දඬුමොනරය වැනි ගුවන් තොටිලි ගැස්සෙන වාක්‍යයක් වන මෙය ඔහු සිය සමාජ විවේචනාත්මක කෘතියක නමක් ලෙස යෙදුවේ ය. මානික්කආරච්චිගේ බෙහෝ ප්‍රකාශයන් සමඟ නොඑකඟතාවන් ඇති නමුදු මේ වාක්‍යය නම් ඇත්තට ම තවමත් වලංගු ය. පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය (දැන් නම් මේ …

Continue Reading

ඉන්දු-ලංකා ගිවිසුමෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය වළපල්ලට!

ව්‍යවසාය සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඇමතිවරුන් වන මලික් සමරවික්‍රම සහ සුජීව සේනසිංහ විසින් දක්වන ලද අදහස්වලට අනුව, පෙනෙන්නට තිබෙන්නේ සීඝ්‍රයෙන් දියුණු වෙමින් පැවති ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය නුදුරේ දී අත්සන් කරන්නට නියමිත ඉන්දු – ලංකා භාණ්ඩ හා සේවා ගිවිසුමෙන් විනාශ වී යාමට නියමිත බව ය. අතිශය සමච්චල් සහගත ස්වරයෙන් ඇමති සුජීව සේනසිංහ පවසා සිටියේ 100% …

Continue Reading