“මෙම කරුණ සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර මැදිහත් වීමකට මා කිසිසේත්ම එකඟ නෑ. රටේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගන්නට දායකත්වය සපයන්නට පුළුවන් දැනුමැති පුද්ගලයන්, ප්‍රවීණයන් හා විශේෂඥයන් අප රටේ ඕනෑ තරම් සිටිනවා. රටේ තිබෙන ප්‍රශ්න රටේ අයට විසඳා ගන්නට පුළුවන්. ජාත්‍යන්තර ප්‍රජාව මේ සම්බන්ධයෙන් කලබල විය යුතු නෑ”
මේ මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා බී.බී.සී සංදේශය සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවේ දී පළකරන ලද අදහස්වලින් කොටසකි. විමල් වීරවංශ ප්‍රමුඛ ඊනියා දේශප්‍රේමීන්ගේ ව්‍යාජ සටන් පාඨ සියල්ලට මේ සාකච්ඡාව හරහා ජනපතිවරයා පිළිතුරු දී ඇති බව එය විමසිල්ලෙන් කියවන විට පෙනී යයි.
රටෙහි යුධ හමුදාව ආරක්ෂා කරගැන්ම යනු, යුද්ධයට මුවා වී අපරාධ කළවුන් බේරා ගැනීම නොවන බව ඔහුගේ මතය වන බව එයින් තවදුරටත් පැහැදිලි වෙයි.
“ශ්‍රී ලංකා යුද හමුදාවට ඒ ආකාර චෝදනා එල්ල වනවා නම් අපේ කාර්යය විය යුත්තේ ඔවුන් එම චෝදනාවලින් නිදහස් කර ගැනීමට කටයුතු කිරීමයි. යම් කෙනෙක් එවන් අපරාධයක් සිදු කර ඇත්නම් ඔවුන් දඬුවම් ලැබිය යුතු බවට කිසිදු සැකයක් නෑ.”
ගෝත්‍රික අශිෂ්ටත්වයකට නොගොස් ගැටළුවට විසඳුම සැපයීමේ මාර්ගය ඇත්තේ පපුවට ගසා ගනිමින් කෑ ගැසීම තුළ නොව මැදහත්ව ඒ දෙස බලා කටයුතු කිරීම තුළ බව ජනපතිවරයාගේ මේ සාකච්ඡාව තුළින් පැහැදිලි වන්නකි.