සතිඅග සළරුව: Inside Out (2015)

Spread the love

60814a52b29e0bc6ඉන්සයිඩ් අවුට් චිත්‍රපටය කවදා හෝ දවසක ලොව බිහිවූ විශිෂ්ටතම චිත්‍රපට අතරට යාම නොවැලැක්විය හැකි කරුණක්. ඒ විශිෂ්ටතම සජීවීකරණ චිත්‍රපටයක් හැටියට පමණක් නොවෙයි. විශිෂ්ටතම සිනමා කෘති වලින් එකක් හැටියටයි.

කෙසේවෙතත් අප දකින එක් අවාසනාවන්ත කරනුණක් නම් ශ්‍රී ලංකාවේ ප්‍රබුද්ධ සිනමා රසිකයන් ගෙන් බොහෝ පිරිසකට සජීවීකරණ චිත්‍රපට මගහැරීයාමයි. “කාර්ටූන්.. කාර්ටූන් ළමයින්ට.. ළමාකතා.. ‘ගන්න‘ දෙයක් නැහැ…“

පිටත දේවල් ඇතුලත සිද්දවෙන දේවල් වල හැටියට ක්‍රියාත්මක වන්නේ කොහොමද? ඒ ඉන්සයිඩ් අවුට් චිත්‍රපටයේ සරල කතා සාරාංශයයි. රයිලි නැමති කුඩා දැරිවියක් සිටිනවා. ඇගේ ක්‍රියාකාරකම් සියල්ල පාලනය කරන්නේ ඇගේ ඔළුව ඇතුළේ මෙහෙයුම් කුටිය පවත්වාගෙන යන ජෝයි හෙවත් ප්‍රීතිය, සෑඩ්නස් හෙවත් ශෝකය, ඇන්ගර් හෙවත් කෝපය, ඩිස්ගස්ට් හෙවත් අප්‍රියය යන එකිනෙකාට නොපෑහෙන වැඩ කරන යහළු කට්ටිය විසිනුයි. පුංචි රයිලිගේ මතක බෝල, මහා මතක ගබඩාවේ නිසි තැන් වලට යොමු කරන්නේ ඒ අයයි. රයිලිගේ විතරක් නෙවෙයි ඕනෑම කෙනෙකුගේ එහෙමයි.

Filmපුංචි රයිලි ගේ ජීවිතය වෙනස් වෙද්දී, අලුත් අභියෝග වලට මුහුණපාන්න සිද්ධවෙද්දී හැඟීම් කට්ටියටත් ඒහා සමාන මහ විසාල අභියෝ ගොන්නකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඉන්සයිඩ් අවුට් චිත්‍රපටය ඇගේ හැඟීම් පුංචි රයිලි ගේ ජීවිතය හොඳ එකක් කරන්න දරන වීරිය ගැනයි.

ඉන්සයිඩ් අවුට් චිත්‍රපටය ඕනෑම කුඩා දරුවෙකුට හැඟීම් ගැන කියාදෙන අධ්‍යාපනික චිත්‍රපටයක් ලෙස කිසි බයක් නැතිව හඳුවන්න පුළුවන්. වැඩිහිටි ඕනෑම කෙනෙකුටත් එහෙමයි. කිසි නිදහහසක් නැති ජීවිතයේ සිද්ධවෙන දේවල් හිතෙන දේවල් කරන දේවල් පැටලිලා හෙම්බත්වෙලා නම් ඉන්නේ, ඒ ඒ වෙලාවට ඔළුව ඇතුලේ සිද්ධවෙන දේ හරිම සරල ආදරණීය විදිහට ඉන්සයිඩ් අවුට් චිත්‍රපටය විසඳලා දේවී. හීනෙන් දත් වැටෙනවා පෙනෙන එක ගැන බයද? එහෙනම් ඉන්සයිඩ් අවුට් බලන්න.

ඉන්සයිඩ් අවුඩ්, ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපට ක්‍ෂේත්‍රයේ කිරුළුපලන් පුරෝගාමීන් වන පික්සාර් සමාගමේ නවතම සිනමා වෑයමයි. ලොව පළමු ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය වන ටෝයි ස්ටෝරි නිර්මාණය කිරීමේ පටන් අනභබවණීය සාර්ථකත්වයට වැජඹුණ පික්සාර් සමාගම පසුගිය වසර කීපය පුරාවටම හොඳ කතා ප්‍රවෘත්ති හිඟවීමේ අභාග්‍යයකින් අසාර්ථකවන හැටි දක්නට ලැබුණා. නමුත් ඉන්සයිට් අවුට් චිත්‍රපටය සමග පික්සාර් සමාගම යළිත් වතාවක් ත්‍රිමාණ සජීවීකරන සිනමාවේ තමන්ට හිමි තැන ජයග්‍රාහී ලෙස අත්පත් කරගන්න සමත්ව තිබනෙවා.

චි්‍ත්‍රපටයේ අධ්‍යක්‍ෂ පීට් ඩොක්ටර් වසර බොහෝ ගණනක් ඉන්සයිඩ් අව්ට් හි පෙළ සකසන්න වෙහෙසුණා. ඔහු ඒ වෙනුවෙන් මනෝවිද්‍යාඥයන් රැසකගේම විශේෂඥ උපදෙස් ලබාගත්තා. පික්සාර් සමාගමේ පෙර අග්‍රකෘතිය වන අප් චිත්‍රපටයද පීට් ඩොක්ටර් ගේ අධ්‍යක්‍ෂණයක්. එදා මෙදා තුර ඔස්කාර් සම්මාන ඉතිහාසයේ වසරේ හොඳම චිත්‍රපටය සඳහා වන නාම යෝජනා අතරට පැමිණි එකම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය අප් චිත්‍රපටයයි.

මේ වනවිටත් ඉන්සයිඩ් අවුට් ලොව බොහෝ සිනමා දර්ශක වල ඉහළම ස්ථාන වලින් තමන්ට හිමි තැන වෙන් කරගෙන අවසන්. මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සජීවීකරණ චිත්‍රපටය සඳහා වන සම්මානයට අමතරව හොඳම ස්වතන්ත්‍ර තිර පිටපත සඳහාද ඉන්සයිඩ් අවුට් නිර්දේශ ලබා තිබෙනවා.

අඛිල රන්සිරි මලලගේ

[youtube WIDYqBMFzfg]

RSL

Related Posts