තැන නොතැන නොදන්නේ මහින්ද නොවෙයි ද?

Spread the love

MP-Mahindaමහින්ද රාජපක්ෂ පාලනය පෙරළාදැමීම වෙනුවෙන් මෛත්‍රී සමඟ ශ්‍රී.ල.නි.ප.යෙන් එළියට ආ එම්.කේ.ඩී.එස් ගුණවර්ධන මහතා පසුගිය දා අභාවයට පත් විය. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවර මහින්ද රාජපක්ෂ අවමංගල්‍යයට සහභාගි වෙන්නට එහි ගියේ ය. එහි දී මාධ්‍යකරුවෙක් ඔහුගෙන් ප්‍රශ්න කිරීමක් කළ අතර, උරණ වූ ඔහු “අවමඟුල හා මඟුලක වෙනස දැන ගන්නැ” යි කියා වාහනයේ නැග යන්නට ගියේ ය.

ලංකාවෙ මාධ්‍යයන්ගේ වත්මන් භාවිතය ගැන අපට ද බොහෝ ප්‍රශ්න ඇතත්, ඒ ප්‍රකාශය කරන්නට මහින්ද රාජපක්ෂට සදාචාරාත්මක අයිතියක් නැතැයි අප තරයේ විශ්වාස කරමු. මළගෙවල් නොව සියලු අවස්ථාවල් මාධ්‍ය මඟුල් බවට පත් කරගෙන රටෙහි ජාතික ධනය විනාශ කළ ඔහු, වත්මනෙහි දී පවා පාර්ලිමේන්තුවේ දී මෞන ව්‍රතය (නිහඩ පිළිවෙත) රකිමින් පංසල්වලට ගොස් බෑඟීරි දෙන්නෙකි. ඒ නිසා තැන නොතැන නොදන්නේ, පැඟිරි මාධ්‍යකරුවා නොව වරක් රටේ රාජ්‍ය නායකයාව සිටි මහින්ද රාජපක්ෂ බව කිය යුතු ය.

RSL

Related Posts