නැවතත් ලැජ්ජයි රාජිත!

Spread the love

Rajitha“වෛද්‍ය පාදෙනිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එකඟවෙලා ද” යනුවෙන් අද (21) දින අප පුවතක් පළ කළෙමු. ඒ ඇමති රාජිත සේනාරත්නගේ ප්‍රකාශයක් පදනම් කරගනිමිනි. එහිදී පවා අප පැවසුවේ, ඇමතිවරයාගේ ප්‍රකාශ පිළිබඳව අපට කිසිදු විශ්වාසයක් නැති බව යි. කන්න අවැසි වූ විට කබරයා තලගොයා කරගන්නා තාලේ මේ වගකීම් විරහිත ප්‍රකාශ රාජිත ඇමතිවරයාගේ දේශපාලන දිවිය පුරා ම දකින්නට ලැබෙන්නකි. එම ප්‍රකාශය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රතිචායයි මේ.
මාධ්‍ය නිවේදනයයි.

ගරු අග‍්‍රාමාත්‍යතුමා සහ අප සංගමය අතර පැවති සාකච්ඡාව පිළිබඳ තොරතුරු ඇතුළත් මාධ්‍ය නිවේදන අග‍්‍රාමාත්‍ය කාර්යයාලයෙන් සහ අප සංගමයෙන් නිකුත් කර ඇත. එම නිවේදනවල සාකච්ඡාව පිළිබඳ සියලුම තොරතුරු ඉතා පැහැදිලිව දක්වා ඇත.

එහෙත් ගරු සෞඛ්‍ය අමාත්‍ය තුමා මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ අප සංගමයේ මතය විකෘති ආකාරයකට මාධ්‍ය වෙත ඉදිරිපත් කර ඇත. රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හා කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක ලෙස මෙලෙස වගකීම් විරහිතව හැසිරීම කණගාටුදායක කරුණකි. කෙසේ වෙතත් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව අපගේ ස්ථාවරය නැවත මෙසේ ප‍්‍රකාශ කරමු.

රටකට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් අවශ්‍යද නැද්ද යන්න රාජ්‍ය ප‍්‍රතිපත්තිමය කාරණයකි. මෙවර අයවැය මඟින් රාජ්‍ය ප‍්‍රතිපත්තිය ලෙස පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති නොකිරීමට තීරණය කර ඇත. නමුත් වෛද්‍ය අධ්‍යාපනයේ ප‍්‍රමිතිය වෙනුවෙන් පෙනී සිටීමට විද්වත් වෘත්තීය සංවිධානයක් ලෙස අපට අයිතියක් ඇත. ප‍්‍රමිතිය නියාමනය කරන ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිර්දේශ වලට පටහැනිව කටයුතු කරන බැවින් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අප සංගමය විරුද්ධය.

අප සංගමය ගරු අග‍්‍රාමාත්‍යවරයා ඉදිරියේ ප‍්‍රකාශ කළේද මෙම ස්ථාවරයයි. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේදී සෞඛ්‍ය අමාත්‍යංශය,SAITAM ආයතනයට වාසි සහගත ලෙස හැසිරී ඇති බවද, අප විසින් අග‍්‍රාමාත්‍ය වරයාට පෙන්වා දෙන ලදී. ඒ බව තහවුරු කරන ලියකියවිලිද ගරු අග‍්‍රාමාත්‍ය වරයාට අප විසින් භාර දෙන ලදී. මෙහිදී ගරු අග‍්‍රාමාත්‍ය වරයා ඉදිරියේදී, තමන් ගත් තීරණය සාධාරණීකරණය කිරීමට සෞඛ්‍ය ආමාත්‍යවරයා සහ ලේකම්වරයා දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කරනු ලැබිණි. ඒ සම්බන්ධයෙන් තම තීරණය කරුණු අධ්‍යනය කිරීමෙන් අනතුරුව ලබා දෙන බව අග‍්‍රාමාත්‍යවරයා දැනුම් දෙන ලදී.

මේ ආකාරයට රාජ්‍ය දේපළ පෞද්ගලික ආයතන වලට හිතුමතේ ලබා දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිවරයාටත් සෞඛ්‍ය ලේකම් වරයාටත් එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමට අප සංගමය ගෙන ඇති තීරණය ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක වනු ඇත.

මේ අනුව ගරු සෞඛ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හරහා ප‍්‍රකාශ කර ඇතිී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ නැතv යන ප‍්‍රකාශය සාවද්‍ය ප‍්‍රකාශයක් බව අප ඉතා පැහැදිලිව අවධාරණය කර සිටිමු.

ස්තූතියි
වෛද්‍ය නලින්ද හේරත්
ලේකම්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

RSL

Related Posts