ලෝකයේ මහාපරිමාණ ආයෝජකයෝ අගමැති හමුවෙති

Spread the love

Prime-Ranilශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ ලෝක නායකයින් රැසක් එක්වන ආර්ථික විශේෂඥයින් 2000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ 2016 ලෝක ආර්ථික සමුළුව අද ස්විට්සර්ලන්තයේ ඩෙවෝස් නුවර දී ආරම්භ විය. විශේෂ ආරාධනයක් අනුව ශ්‍රී ලංකාවේ නායකයෙකු ලෝක ආර්ථික සමුළුවට සහභාගි වූයේ මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවටය.

ශ්‍රී ලංකාව තුළ මේ වසරේ දී මහා පරිමාණ ආයෝජන සඳහා හැකි ඉක්මණින් අවතීරණ විමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැති සාකච්ඡාවල දී ලෝකයේ මහා පරිමාණ වෙළෙද සමාගම් රැසක ප්‍රධානිහූ කැමැත්ත පළ කර ඇතැයි වාර්තාවේ.

ආර්ථික සමුළුව අතර වාරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවු ලෝකයේ ප්‍රබලතම වෙළෙද සමාගම් ප්‍රධානිහූ අතර නෙදර්ලන්තයේ පිලිප් ලයිටින් සොලුෂන් සමාගමේ ජගත් ප්‍රධාන විධායක නිලධාරි එරික් රොන්ඩෝලට්ල ලෝක ප්‍රකට ටාටා සමාගමේ ප්‍රධානී සයිරස් මිස්ට්‍රි මැක්කින්සි සහ සමාගමේ ආසියානු කලාපයේ සභාපති කෙවින් ස්නීඩර්ල බහරේන් පෙට්‍රෝලියම් සමාගමේ ගෞරවනීය සභාපති හා එරට අගමැති උපදේශක ෂෙයික් සල්මාන් බින් කලිෆා අල් කලිෆා යන මහත්වරු වූහ.

යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු ජාතික රජය යටතේ ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා ඇති විශේෂ අවස්ථා සම්බන්ධයෙන් සොයා බැලීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ජගත් සමාගම් ප්‍රධානීන් අතර පැවැති සාකච්ඡාවල දී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කෙරිනි.

මෙම සමුළුව අතරතුර දී ස්වීඩනයේ අග්‍රාමාත්‍ය ස්ටෙෆන් ලෝෆ්වන් සහ තුර්කි අග්‍රාමාත්‍ය අහමට් දාවොදොග්ලූ යන මහත්වරු හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූහ.

ලෝක ප්‍රකට මයික්‍රසොෆ්ට් පරිගණක සමාගමේ සභාපති ජීන් පිලිප් කෝර්ටොයිස් මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර දී (21) දින හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

RSL

Related Posts