විමල්ගෙන් ශිරන්ති ලද ගෙවල් ගැන කොමිසමට ප්‍රශ්න!

Spread the love

Shiranthi and wimalමහින්ද රාජපක්ෂ සමයේ දී නිවාස අමාත්‍යංශය විසින් මත්තේගොඩ ඉදිකිරන ලද අති සුඛෝපභෝගී නිවාස කිහිපයෙන් වැඩි ප්‍රමාණයක් ලබා දී තිබු‍ණේ එවක නිවාස ඇමති වූ විමල් වීරවංශගේ ඥාතීන් වෙත ය. තවත් එබඳු ම නිවසක් හිටපු ජනපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ වෙත ද ලබා දී තිබුණි. ඇය එම නිවසක් ඉල්ලා විමල් වීරවංශ වෙත යවන ලද ලිපිය ද පසුගිය කාලයේ මාධ්‍යවල පළ වී තිබුණි. මේ ගැන ප්‍රශ්න කිරීම සඳහා ඇය ලබන 25 වැනිදා බරපතළ වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබේ. ගියවර ඇය කොමිසම වෙත යනවා වෙනුවට කොමිසම ඇය වෙත ගියේ ය. මෙදා ද එසේ නොවනු ඇතැයි කිව නොහැකි ය.

කෙසේ වෙතත්, මෙලෙස බරපතළ වංචා දූෂණ පිළිබඳ ප්‍රශ්න කරනු ලැබීම පමණක් දක්නට ලැබීම සුලභ සිදුවීමක් බවට පත්ව තිබේ. මේ වැරදි සම්බන්ධයෙන් කිසිවෙක් මෙතෙක් සැකපිටවත් අත්අඩංගුවට ගැනීම නොහැකිව තිබීම නම් පුදුමයකි.

RSL

Related Posts