ලැජ්ජාවක් නැති ගෝඨාභය!
රාජපක්ෂලා බලයේ සිටි සමයේ මාධ්‍ය මර්ධනය කරන ලද බව ප්‍රකට කරුණකි. මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, පහරදීම්, රටෙන් පළවාහැරීම් නිමක් නැතිව සිදුවුණු එසමය මාධ්‍යයන්ට භීමසමයකි. කිසිදු නීත්‍යානුකූලබවකින් තොරව හිතුමතේ වෙබ් අඩවි තහනම් කිරීම එකල තවත් සුලබ සිදුවීමකි. අපට මතක හැටියට ගෝඨාභයගේ ඍජු මැදිහත්වීම මත ඒ වෙබ් අඩවි තහනම් කිරීම සිදුවිය. වරක් වෙබ් අඩවි 05ක් එකවර තහනම් කර දැමිණි. ඒ අතර කලම්බු ටෙලිග්‍රාෆ් …
Continue Reading
යෝෂිත රාජපක්ෂව අත්අඩංගුවට ගත් සැබෑ හේතු මෙන්න!
දැන් දැන් සමාජ මාධ්‍ය ඇතුළුව බොහෝ මාධ්‍යවල ඇත්තේ හොටු සහ කඳුළු පිළිබඳ මහා සංදර්ශන ය. ලංකා ඉතිහාසයේ ඇහැලේපොළ නිළමේට මද්දුම බණ්ඩාර අහිමිවීමෙන් පසු පියෙකුට (තාවකාලිකව වත්) දරුවෙක් අහිමි වූ පළමු අවස්ථාව මෙය දැ යි සිතෙන තරමට මේ හොටු, කඳුළු පිළිබඳ දර්ශන බලවත් ය. මේ පිය-පුතුන් විසින් කෙතරම් දරුවන්ට පියවරුන් සහ කෙතරම් පියවරුන්ට දරුවන් අහිමි කරන ලද දැයි කවුරු කවුරුත් දන්නා …
Continue Reading
ඥානසාර හිමිට වසර 07 ක සිරදඬුවමක් දිය හැකියි!
පසුගිය දා හෝමාගම අධිකරණයේ දී ගලගොඩඅත්තේ ඥානසාර හිමි කලහකාරී ලෙස හැසිරීමත් අධිකරණයට අපහාස කිරීමත් ආදී කරුණු කිහිපයක් නිසා ඒවාට නඩු පැවරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. අධිකරණයට අපහාසවන ලෙස හැසිරීමෙන් පසුව, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩට ඥානසාර හිමි විසින් බැණ වැදී ඇත. උසාවියට අපහාස කිරීමේ චෝදනාව නැතත්, පවතින් නඩු කටයුත්තකදී 2004 අංක 04 දරන සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පණත …
Continue Reading
ආරක්ෂක ඇමැතිධුරය සරත් ෆොන්සේකාට?
පසුගිය දා අභාවයට පත් ඇමැති එම්.කේ.ඩී.එස්. ගුණවර්ධනගෙන් හිස් වූ එ.ජා.ප. ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය කා හට හිමි වේ ද යන්න පසුගිය දිනවල බොහෝ කතා බහට ලක් වූ කරුණකි. උපුල් ශාන්ත, රෝසි සේනානායක වැනි පරාජිතයන් ද මේ කෙරෙහි ඇස ගසා සිටි අතර ජාතික ලැයිස්තුවේ පිරිසක් ද මේ අතර වෙති. එමෙන් ම ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපතිවරයාට මෙම මන්ත්‍රිධුරය හිමිවනු ඇතැයි ද …
Continue Reading
යෝෂිත රිමාන්ඩ්! ඇයි අවුල් ද?
හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ අද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ රාජ්‍ය දේපළ පරිහරණය කර සිය පුද්ගලික ව්‍යාපාරයක් වන සී.එස්.එන්. නම් රූපවාහිනී නාලිකාව පවත්වාගෙන යෑම සම්බන්ධයෙනි. ඒ අද පටන් දින 14කට ය. යුද විරුවා යැයි ඔවුන්ම පලිප්පු දැමූ සරත් ෆොන්සේකා ද මෙයට වසර කිහිපයකට උඩ දී සිරගත කර දැමුණු අයුරු අපට මතක ය.එදා පළිගැනීම් කියා කියන්නට එකෙක් කට ඇරියේ …
Continue Reading
හිම කඳු අතර සැඟවෙන අබිරහස් මෘග මිනිසා
ඒ වෙද්දී ලැප්කා දෝමා හට වයස අවුරුදු දහහතරයි. නේපාලයේ සීතල හිම කඳු අතර මචර්මෝ නිම්නයේ දිවි ගෙවූ ඈ සුපුරුදු පරිදි සිය පවුලේ දායාදය වන යැක් ගව පට්ටිය දක්කාගෙන නිම්නය කරා ඇදුණා. ගවයින් උලා කමින් සිටියදී ඈ දිය පහර අසල ගිමන් හැරියා. හිටිහැටියේම කිසිවෙක් හෝ කිසිවක් තමන්දෙස බලාසිටිතැයි යන හැඟීමෙන් මඩනා ලද ඈ හැරී බැලුවා. පුරාකථා සහ භයානක සිහින වලින් පමණක් …
Continue Reading
යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට!
අද දින (30) උදෑසන අපරාධ මූල්‍ය කොට්ඨාසය මගින් හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග තොරතුරු වාර්තා කරයි. ඒ සී.එස්.එන් නාලිකාව සම්බන්ධ මූල්‍ය ගනුදෙනු හේතුවෙනි. බරපතළ අපරාධ පිළිබඳ ජනාධිපති කොමිසම විසින් යෝෂිතව බාරදෙන ලෙස නාවික හමුදාවට දන්වා ඇති බවද එම වාර්තා සඳහන් කරයි. රොහාන් වැලිවිට, නිශාන්ත රණතුංග යන අයගෙන් ද ප්‍රශ්න කෙරන බව …
Continue Reading
හෝමාගම උසාවියට ආවේ ගෝඨාභයගේ පිල්ලියක්!
ඕනෑම මෝඩයෙකුට, ළදරුවෙකුට වැටහෙන අධිකරණයට අපහාස කළ යුතු නැතැයි කියන සරල දෙය නොදන්නා සේ පසුගිය දා හෝමාගාම අධිකරණ භූමියේ පිස්සු නැටූ පිරිස මෙහෙයවා ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. බොදු බල් සේනා යනු, එවකට ගෝඨාභය රාජපක්ෂලා විසින් නිර්මාණය කරන ලද්දක් බව තහවුරු වී හමාරය. හෝමාගම අධිකරණයේ පිස්සු නැටීමේ මූලික අරමුණ ලෙස සඳහන්වන්නේ යුද්ධය …
Continue Reading
සතිඅග සළරුව – Straight Outta Compton (2015)
ධනවාදය දරා සිටිමින් ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාසය කරන ඇමෙරිකානු සමාජයේ තවමත් හොල්මන් කරමින් ඇති කළු-සුදු භේදවාදය අප්‍රිකානු-ඇමෙරිකානු තරුණපරපුර රැගෙන යන මානය හෙළි කෙරෙන සිනමා පටයකි ස්ට්‍රේට් අව්‘ට කොම්ටන්. (Straight Outta Compton) එහි කියැවෙන්නේ රැප් සංගීත කරලියේ කිරුළුපලන් තාරකා බවට පත්වූ, ඩොක්ටර් ඩ්‍රේ, එම්සී රෙන්, ඊසී-ඊ, ඩීජේ යේලා සහ අයිස් කියුබ් යන සංගීත ශිල්පීන් සිය “එන්.ඩබ්ල්‍යු.ඒ” කණ්ඩායම සමග තරු ගමන ඇරඹූ මුල් යුගය …
Continue Reading
හෝමාගමට ආවේ ඇත්ත බෞද්ධ හිමිවරුන් ම ද?
අධිකරණයෙහි විභාග වන නඩු කටයුත්තක් කෙරෙහි බලපෑම් කිරීම නීතිවිරෝධී පමණක් නොව ආචාරවිරෝධී බව හය හතර තේරෙන වයසේ කුඩා දරුවෙක් වුව ද දන්නා කරුණකි. ඥානසාර තෙරණුවෝ කියන පරිදි බොහෝ ශාසනික, සාමයික කටයුතු සමඟ කාලයක් හෙතෙම වැඩ කරලා ද තිබේ. ඉතින් එතරම් දේවල් දන්නා බොදු බල සේනා මහලේකම්වරයා එම සරල සත්‍යය නොදන්නේ නොවේ. හෝමාගම අධිකරණයට පැන උසාවිය අස්සේ කලබැගෑනි ඇති කර රක්ෂිත …
Continue Reading