යෝෂිත රාජපක්ෂව අත්අඩංගුවට ගත් සැබෑ හේතු මෙන්න!

Spread the love

Yoshitha 3

දැන් දැන් සමාජ මාධ්‍ය ඇතුළුව බොහෝ මාධ්‍යවල ඇත්තේ හොටු සහ කඳුළු පිළිබඳ මහා සංදර්ශන ය. ලංකා ඉතිහාසයේ ඇහැලේපොළ නිළමේට මද්දුම බණ්ඩාර අහිමිවීමෙන් පසු පියෙකුට (තාවකාලිකව වත්) දරුවෙක් අහිමි වූ පළමු අවස්ථාව මෙය දැ යි සිතෙන තරමට මේ හොටු, කඳුළු පිළිබඳ දර්ශන බලවත් ය. මේ පිය-පුතුන් විසින් කෙතරම් දරුවන්ට පියවරුන් සහ කෙතරම් පියවරුන්ට දරුවන් අහිමි කරන ලද දැයි කවුරු කවුරුත් දන්නා නිසා යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇයි ද යන්න කෙටියෙන් සටහන් කර තබමු.

CSN නාලිකාව ආරම්භ කිරීමේ දී සහ එය පවත්වාගෙන යෑමේ දී මුදල් ලැබුණු ආකාරය පිළිබඳව තහවුරු කරන්නට මෙහි කිසිවෙක්ට හැකි වී නැත. පසුගිය ජනාධිපතිවරණය සමයේ රුපියල් මිලියන 320ක විදේශ මුදලක් සහ දේශීය වශයෙන් රුපියල් මිලියන 160ක මුදලක් CSN වෙත ලැබී ඇති අතර ඒවා ලැබුණු නීත්‍යානුකූල පිළිවෙලක් ගැන කිසිදු ඔප්පු කිරීමක් මෙහි පාලනාධිකාරියට කළ නොහැකි වී ඇත. මුදල් විශුද්ධිකරණය හෙවත් කලු සල්ලි සුදු කිරීම මෙහි යටින් ඇති බව පැහැදිලිව පෙනෙන කරුණකි.

CSN ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ ද යෝෂිත රාජපක්ෂ යි. රජයේ නිලධාරියෙක්ව කටයුතු කරමින් සමාගමක සභාපතිත්වය දැරීම වරදකි.

අනෙක් අතට CSN නාලිකාව පවත්වාගෙන යන්නට ජනාධිපති ලේකම් කාර්යාලයේ සම්පත් යොදාගෙන ඇති බවට වන චෝදනා ය. එපමණක් නොව රාජ්‍ය සේවයෙ නියුතු වූවන් රජයෙන් වැටුප් ගෙවා මෙම නාලිකාවේ කටයුතු සඳහා යොදවාගෙන ඇත. ජනතා මුදල්, ජනතා සම්පත් පුද්ගලික සුබසිද්ධිය සහ සුඛවිහරණය සඳහා ලබාගෙන තිබෙන බව සත්‍ය වශයෙන් ම පෙනී යන කරුණකි.

මෙය දේශපාලන පළිගැනීමකැයි කියන්නේ දේශපාලන වාසි ලබා ගන්නට මිස වෙන දෙයකට නොවේ!

RSL

Related Posts