යෝෂිතත් ඉක්මනින් නිදහස්?
කලබල විය යුතු නැත. මේ අතීතයේ සිදු වූ දේවල් දෙස බලා අනාගතයේ සිදුවිය හැකි දේවල් ගැන පුරෝකථනයක් පමණි. මහින්ද රාජපක්ෂ රෙජිමය යටතේ පෙර නොවු විරූ තරම් ජනතා මුදල් මංකොල්ල කන ලද බව මහින්ද පාක්ෂිකයන් ම පවා රහසින් පිළිගන්නා කරුණකි. යුද ජයට මුවා වෙමින් ජනතා මුදල් මංකොල්ල කෑ කම්බා හොරුන්ට දඬුවම්දීම අගතිගාමී නොවන බොහෝ දෙනා පැතූ පැතුමකි. මන්ද යත් අදටත් රෝහල්වල …
Continue Reading
ඇමැති පී. හැරිසන් රටට කළ පාඩුව රු. 4000000000 ක්?
පසුගිය කන්නයේ දී වී අලෙවි මණ්ඩලය හරහා ගොවීන්ගෙන් මිලට ගත් වී මෙට්රික් ටොන් 234800 ප්‍රමාණයක් සහල් කිරීම සඳහා අඩු මිලට තම හිතවත් සහල් මෝල් හිමියන් දෙදෙනකුට ලබා දීමෙන් විෂය භාර ඇමැති පී.හැරිසන් විසින් රටට අතිශය විශාල මුදලකින් පාඩු කරන ලදැයි මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. මේ පැමිණිල්ල ජ.වි.පෙ. විසින් කරනු ලබන්නකි. මෙලෙස මිලට ගත් වී …
Continue Reading
දුමින්ද සිල්වා කවුද? දුමින්දව ඉස්සරහට ගත්තේ කවුද?
දුමින්ද සිල්වා නමැති පුද්ගලයා ගැන නැවතත් මෙහි ලියා වෙහෙසෙන්නට අවශ්‍ය නැත. දුමින්ද සිල්වා යනු කවරෙක්දැ යි රට ම දන්නා නිසා ය. ශේක්ෂ්පියර් නම් සාහිත්‍යකරුවා වරක් පැවසූ පරිදි අධමයා උත්තම කරන්නට, කලු පාට සුදු කරන්නට, බියගුල්ලා වීරයා කරන්නට, හොරුන්ට දණ නමා සම්මාන දෙන්නට මුදලේ බලයට හැකි ය. දුමින්ද සිල්වා යනු මෙයට ජීවමාන උදාහරණයකි. අප නොගිණිය හැකි තරම් වාරයක් පවසා ඇති පරිදි …
Continue Reading
සතිඅග සළරුව – The 100-Year-Old Man Who Climbed Out the Window & Disappeared (2013)
මුළු ජීවිත කාලය පුරාවටම දේවල් පුපුරවාහරින එකම කර කර හිටපු ඇලන් කාසන්, එයාගේ සියවැනි උපන්දිනය දවසේ වැඩිහිටි නිවාසේ ජනේලයෙන් පැනලා ගිහින් අතුරුදහන් වෙලා ඉන්න ගමන් එයාගේ ජීවිත කතාව අපට කියනවා. ඒ නිසා “ජනේලයෙන් පැනගොස් අතුරුදහන්වුණු අවුරුදු සියයක් වයස මිනිසා” වගේ ඕනේවට වඩා දිග නමක් චිත්‍රපටයට ලැබෙනවා ඇරෙන්න ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. මුල් වතාවට කියවගන්න බැරි තරම් දිග නම අහද්දී …
Continue Reading
රෝහිත අබේගුණවර්ධන අත්අඩංගුවට නොගන්නේ ඇයි?
පසුගිය දා පයාගල ප්‍රදේශයේ සිදු වූ සිදුවීමකින් අනතුරුව රෝහිත අබේගුණවර්ධන සහ ඔහුගේ සහචරයන් විසින් එක්තරා පුද්ගලයෙකුට කළ පහරදීමකින් ඔහු බරපතළ ලෙස තුවාල ලබා රෝහල්ගත කර ඇත. මේ සිදුවීම මාධ්‍ය කිසිවකින් වාර්තා නොකළේ ඇයි දැ යි අපි නොදනිමු. එවැනි සිදුවීම් කෙරෙහි ප්‍රාදේශීය මාධ්‍යවේදීන් නිහඬ කරන ක්‍රම ගැන ද අපි දනිමු. ප්‍රශ්නය ඇත්තේ, පහර කෑ පුද්ගලයා රෝහල්ගතව සිටියදීත්, ඔහු රෝහිත අබේගුණවර්ධන තමන්ට …
Continue Reading
ඕමල්පේ සෝභිත, ලැජ්ජයි නේ ද?
ඇඹිලිපිටියේ සාදයකට කඩා වැදුණු පොලිසිය යකා නැටීමෙන් පසුව සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් තරුණයෙක් මරණයට පත් විය. මේ පිළිබඳව ඇඹිලිපිටිය පොලිසියට ඍජුව චෝදනා එල්ල වූ අතර දැනට කිහිප දෙනෙක් අත්අඩංගුවේ ද පසුවේ. ඉතා ම ඉක්මනින් ශිෂ්ටකරණය කළ යුතු ශ්‍රී ලංකා පොලිසිය නමැති ආයතනයේ ඉන්නේ බබ්බු නම් නොවේ. ඔය කියන මහත්තුරුන්ගේ පැටිකිරිය අපි දන්නෙමු. ඒ දවස්වල වාස්ට වඩා කෙනෙක් හිටියේ නැත. වාස් …
Continue Reading
රාජපක්ෂ දේපළ රාජසන්තක වෙයි ද?
යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසට එල්ල වී ඇති මුදල් විශුද්ධිකරණය හෙවත් කලු සල්ලි සුදු කිරීමේ චෝදනාවට ඔහු වරදකරු වුවහොත් මුළු රාජපක්ෂ පවුලේ ම දේපොළ රාජසන්තක කිරීමට අධිකරණයට තීන්දු කළ හැකි බව රීඩ් ශ්‍රී ලංකා ආරංචි මාර්ග වාර්තා කරයි. එම වරදට වරදකරු වූ විට දේපොළ රාජසන්තක කිරීම සිදුවේ. කෙසේ වෙතත් මේ වන විට සී.එස්.එන් නාලිකාවේ සභාපතිත්වය යෝෂිතගේ බව තහවුරු කෙරෙන ඊමේල් 1500ක් …
Continue Reading
බර්මියුඩා භීතියේ නවතම අනාවරණය
සියලු සත්ත්වයන් හට අනතුරක් පිළිබඳව භීතිය ඉවෙන් මෙන් දැනෙත්නම් මිනිසාට එසේ නොවෙනු ඇත්ද? සොබාදහම අපට ඒ ඉව දී නැත්ද? බර්මියුඩාව. ඒ ඇසූ පමණින් ගුප්ත සන්ත්‍රාසය දනවන වචනයක් වී ඇත්තේ ඇයි? බර්මියුඩාව… අන්ධකාරයේ ත්‍රිකෝණය… යක්‍ෂයාගේ මුහුද… මුහුදෙන් ගුවනින් නිතර ගමන් යන අයට මතු නොව ජීවිත කාලයකට නැවකට අහස් යානයකට පා නොතබන අයට පවා බර්මියුඩා ත්‍රිකෝණය යන තැන ගුප්ත හැඟීමක් ඇතිකරවන තැනක්. …
Continue Reading
ජනපතිට ප්‍රසිද්ධියේ අපහාස කළවුන්ට වැඩ වරදියි!
මහින්ද රාජපක්ෂ රෙජිමය පැවති කාලයේ මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පැවති ආකාරය ගැන සියලු දෙනා ම දනිති. ජනපතිට තබා ආර්යාවට කඩ පිළක යමක් කිව්වත් කුදලාගෙන ගොස් කූඩු කර දඬුවම් කරන ලද බව මතක් කර ගැනීමෙන් අනෙක් මාධ්‍ය සැලකුම් ලැබූ ආකාරය ගැන නිකමට හිතාගත හැකි ය. මේ තත්වයන් නිසා වන්දිභට්ට නොවන මාධ්‍යකරුවන් අතළොස්ස රෙජිමය පෙරලන අරගලයට දායක වූ අතර …
Continue Reading
කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් කාගෙ ද?
ජ.වි.පෙ. නායකයා පසුගිය දා පැවති රැස්වීමක දී මහින්ද කල්ලිය නිරුත්තර කරන තාලයේ ප්‍රකාශයක් කළේ ය. ඔහු එහි දී විමසා සිටියේ, කාල්ටන් නමින් එන සියල්ල මහින්ද රාජපක්ෂලාට අයිති වුවත් කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් ඔවුන්ගේ නොවන බව පවසන්නේ ඇයි දැ යි කියා ය. ඒ කතාව නම් මෑත කාලයේ පැවසුණු අනගි ම කතාවලින් එකකි. මහින්ද රාජපක්ෂලාට අයත් මන්දිරය කාල්ටන් මැදුර ලෙස හඳුන්වයි. ඔවුන්ගේ රග්බි …
Continue Reading