රෝහිත අබේගුණවර්ධන අත්අඩංගුවට නොගන්නේ ඇයි?

Spread the love

rohitha abey

පසුගිය දා පයාගල ප්‍රදේශයේ සිදු වූ සිදුවීමකින් අනතුරුව රෝහිත අබේගුණවර්ධන සහ ඔහුගේ සහචරයන් විසින් එක්තරා පුද්ගලයෙකුට කළ පහරදීමකින් ඔහු බරපතළ ලෙස තුවාල ලබා රෝහල්ගත කර ඇත. මේ සිදුවීම මාධ්‍ය කිසිවකින් වාර්තා නොකළේ ඇයි දැ යි අපි නොදනිමු. එවැනි සිදුවීම් කෙරෙහි ප්‍රාදේශීය මාධ්‍යවේදීන් නිහඬ කරන ක්‍රම ගැන ද අපි දනිමු.

ප්‍රශ්නය ඇත්තේ, පහර කෑ පුද්ගලයා රෝහල්ගතව සිටියදීත්, ඔහු රෝහිත අබේගුණවර්ධන තමන්ට පහර දුන් බව පොලිසියට කියා තිබියදීත් තවම රෝහිත අබේගුණවර්ධන අත්අඩංගුවට ගෙන නොතිබීම යි. මහින්ද පාලනය එළවා යහපාලනය කියා එකක් ගෙනාවේ කුමකට දැ යි අපි නොදනිමු. මන්ද යත් දේවල් සිදු වන්නේ ඒ ආකාරයට ම නිසා ය. ජනපතිවරයා ශ්‍රී.ල.නි.ප. සභාපතිවීම නිසා තම පක්ෂයේ සංවිධායකහොරුන් ආරක්ෂා කරනවා දැ යි අපි නොදනිමු. එය එසේ නම්, එය අතිශය පිළිකුල් සහගත කටයුත්තකි. එදා මෙන් ම අදත් රෝහිත අබේගුණවර්ධනලාට නීතිය අතට ගෙන කටයුතු කරන්නට හැකිවීම පෙන්නුම් කරන්නේ කිසි ම දෙයක් වෙනස් වී නැති බව යි.

RSL

Related Posts