ඇඹිලිපිටියේ සාදයකට කඩා වැදුණු පොලිසිය යකා නැටීමෙන් පසුව සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් තරුණයෙක් මරණයට පත් විය.
මේ පිළිබඳව ඇඹිලිපිටිය පොලිසියට ඍජුව චෝදනා එල්ල වූ අතර දැනට කිහිප දෙනෙක් අත්අඩංගුවේ ද පසුවේ. ඉතා ම ඉක්මනින් ශිෂ්ටකරණය කළ යුතු ශ්‍රී ලංකා පොලිසිය නමැති ආයතනයේ ඉන්නේ බබ්බු නම් නොවේ. ඔය කියන මහත්තුරුන්ගේ පැටිකිරිය අපි දන්නෙමු. ඒ දවස්වල වාස්ට වඩා කෙනෙක් හිටියේ නැත. වාස් හරියට සිනමාපටයක හොඳ පොලිස් නිලධාරියා මෙනි. දැන් වාස් කොහිද?
කතාව වෙන එකකි. අපට තොරතුරු ලැබී අැති පරිදි, තම මියගිය සැමියාගේ මරණය වෙනුවෙන් සාධාරණය ඉටු කරගන්නට වෙහෙසෙන සුමිත්ගේ බිරිඳට මුදලින් රුපියල් 50000ක් ලබා දී නඩු කටයුතුවලින් ඉවත්වෙන ලෙස බලපෑම් කර ඇත. මේ උන්නාන්සේ කාගේ කොන්ත්‍රාත් එකක් කරනවා දැ යි අපි නොදනිමු. මේ ගැන නඩු වාරයේ දීත් කියැවී ඇති අතර සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාව මත මුන්නාන්සේ අත්අඩංගුවට නොගත්තේ ඇයි දැ යි නොදනිමු.
ධර්ම රාජ්‍යයට වඩින්නේ පොලිස් රාජ්‍යයක් හරහා විය යුතු ය. ලැජ්ජයි!