යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසට එල්ල වී ඇති මුදල් විශුද්ධිකරණය හෙවත් කලු සල්ලි සුදු කිරීමේ චෝදනාවට ඔහු වරදකරු වුවහොත් මුළු රාජපක්ෂ පවුලේ ම දේපොළ රාජසන්තක කිරීමට අධිකරණයට තීන්දු කළ හැකි බව රීඩ් ශ්‍රී ලංකා ආරංචි මාර්ග වාර්තා කරයි.
එම වරදට වරදකරු වූ විට දේපොළ රාජසන්තක කිරීම සිදුවේ. කෙසේ වෙතත් මේ වන විට සී.එස්.එන් නාලිකාවේ සභාපතිත්වය යෝෂිතගේ බව තහවුරු කෙරෙන ඊමේල් 1500ක් පමණ සොයාගෙන ඇතැයි දැනගන්නට ඇත.
මේ තත්වය මෙසේ වන්නට මූලික හේතුව රාජපක්ෂ පවුලේ දේපළ දරුවන් අතර බෙදා නොතිබීමත් යෝෂිත විවාහ වී නොසිටීමත් බව නීති ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග පවසයි. දේශපාලන හේතු යැයි කියමින් මහින්ද කල්ලිය ඩෙඟා නැටුව ද අදාළ සී.එස්.එන් නාලිකාව වෙත ලැබුණු රුපියල් ලක්ෂ දහස් ගණනක මුදල ලැබුණු ආකාරය ගැන තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් යෝෂිත ඇතුළු පිරිස අත නැති බව වාර්තා වෙයි.
Loading...