කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් කාගෙ ද?

Spread the love

CSN

ජ.වි.පෙ. නායකයා පසුගිය දා පැවති රැස්වීමක දී මහින්ද කල්ලිය නිරුත්තර කරන තාලයේ ප්‍රකාශයක් කළේ ය. ඔහු එහි දී විමසා සිටියේ, කාල්ටන් නමින් එන සියල්ල මහින්ද රාජපක්ෂලාට අයිති වුවත් කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් ඔවුන්ගේ නොවන බව පවසන්නේ ඇයි දැ යි කියා ය.

ඒ කතාව නම් මෑත කාලයේ පැවසුණු අනගි ම කතාවලින් එකකි. මහින්ද රාජපක්ෂලාට අයත් මන්දිරය කාල්ටන් මැදුර ලෙස හඳුන්වයි. ඔවුන්ගේ රග්බි ශූරතාව කාල්ටන් රග්බි ශූරතාවයි. ඔවුන්ගේ පෙර පාසල් සමූහයේ නම ද කාල්ටන් ය. කොටින්ම අනුර කිව්වාක් මෙන් රාජපක්ෂලාගේ බ්‍රෑන්ඩ් නේම් එක කාල්ටන් ය. ඔවුන්ගේ රූපවාහිනී නාලිකාවට නම තැබුවේ ද කාල්ටන් කියා බව නොරහසකි. එහි සිදු වූ අයථා මුදල් ගනු දෙනු සහ රාජ‍්‍ය සම්පත් අයථා පරිහරණය ආදී රට ම දැන සිටි කරුණු නිසා එය ඔවුන්ගේ නොවන බව දැන් කියයි.

ඕනෑ ම ව්‍යාපාරයකට මුදල් සොයාගත් ආකාරය හෙළිදරව් කිරීමට එම ව්‍යවසායකයන්ට හැකියාව තිබිය යුතු ය. මේ නාලිකාව පටන්ගන්නට යෙදවූ රුපියල් ලක්ෂ 2340 මුදල ලැබුණේ කොහෙන්දැයි පිළිගත හැකි ආකාරයට හෙළිදරවු කළා නම් කිසිදු කරදරයක් කාටවත් ඇති වන්නේ නැත. දේවාල ගානේ පොල් ගසමින් යන්නට සිදුවන්නේ ද නැත.

RSL

Related Posts