යෝෂිතත් ඉක්මනින් නිදහස්?

Spread the love

kilinochchi_yosiththa_002

කලබල විය යුතු නැත. මේ අතීතයේ සිදු වූ දේවල් දෙස බලා අනාගතයේ සිදුවිය හැකි දේවල් ගැන පුරෝකථනයක් පමණි.

මහින්ද රාජපක්ෂ රෙජිමය යටතේ පෙර නොවු විරූ තරම් ජනතා මුදල් මංකොල්ල කන ලද බව මහින්ද පාක්ෂිකයන් ම පවා රහසින් පිළිගන්නා කරුණකි. යුද ජයට මුවා වෙමින් ජනතා මුදල් මංකොල්ල කෑ කම්බා හොරුන්ට දඬුවම්දීම අගතිගාමී නොවන බොහෝ දෙනා පැතූ පැතුමකි. මන්ද යත් අදටත් රෝහල්වල බෙහෙත් නැත. බඩට කන්න නැති ළමා ළපැටින් තවමත් ඈත ගම් දනවුවල හාමතේ ය. මොනරාගල, අම්පාර දෙසට ගොස් බැලු විට ඒවා වෙන රටවල් මෙනි. එසේ තියද්දී ජනතාවගෙන් සබන් කැටයට පවා බදු ගසා උපයන මුදල් ගසා කෑම නින්දිත ක්‍රියාවක් වන බව ඕනෑ ම මෝඩයෙකුට වැටහෙන බැවිනි.

දිවි පරදුවට තබා මහින්ද රෙජිමය පෙරළා දමා පිහිටුවූ යහපාලන රජය මේ හොරුන්ට දඬුවම් දෙතැයි සිතුව ද සිදු වූයේ කුමක් ද?
බැසිල් අත්අඩංගුවට ගති. රෝහලේ සිට ගෙදර විත් ඔහු සුවසේ ය.
සජින් වාස් අත්අඩංගුවට ගති. දැන් ඇමැති ආරක්ෂාව ද ලැබෙනවා කියති.
තාජුඩීන්ගේ මරුවෝ අත්අඩංගුවට ගන්නා බව විතරක් කියා, දැන් නිදියති.
විමල්ගෙන් ප්‍රශ්න කරනවා විතර ය.
රෝහිත අබේගුණවර්ධනගෙනුත් ප්‍රශ්න විතර ය.
ශිරන්තිගෙනුත් ප්‍රශ්න විතර ය.
දුමින්ද සිල්වාට නිදහස් උළෙලේ අගවිනිසුරු අසුන අසළ අසුන ලැබේ.
යෝෂිතලාටත් එපමණක් ම නොවිය හැකි දැ යි කිව හැක්කේ කාට ද?

RSL

Related Posts