ෆොනීගේ හීන ගඟේ යයි ද?

Spread the love

Gen-Fonseka480

එක්සත් ජාතික පක්ෂය සමඟ අවබෝධතා ගිවිසුමකට ඇතුළත් වී පාර්ලිමේන්තුවට පිවිසෙන්නටත්, ඉන් ඉදිරියට ගොස් ඇමැති ධුරයක් ලබා ගන්නටත් පාරමී දම් පිරූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ එම බලොපොරොත්තු අර්බුදයට ලක්වේ දැ යි දේශපාලන ක්ෂේත්‍රයේ දැන් මත පළ වෙමින් ඇත.

බලය සම්බන්ධ කාරණයේ කිසිදු කොන්දේසියක් නොසලකන ෆීල්ඩ් මාෂල්වරයාගේ මේ ක්‍රියාව දේශපාලන පොරපිටියේ ඔහුගේ ප්‍රබල ප්‍රතිවාදියාගේ හීන් නූල් ප්‍රහාරයකට ලක්වෙමින් පවතින බව වාර්තා වෙයි. විජේදාස රාජපක්ෂ යනු නූල් සූත්තරකරුවෙකි. ෆොන්සේකා මන්ත්‍රීධුරයට පත් වීම වැලැක්වීමට සියලු නීති තර්ක මේ වනවිට ඔහු ගොඩ නගමින් සිටින බව වාර්තාවෙයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් රැකීම කෙරෙහි ලොව අවධානය යොමු වෙමින්, රට කෙරෙහි ධනාත්මක බැල්මක් ලොවෙන් ලැබී ඇති මොහොතක හිටපු හමුදාපතිවරයාට මෙවැනි සැලැකීමක් කිරීමට අගමැතිවරයා ද පසුබානු ඇති බව කල්පනා කළ හැකි ය.

RSL

Related Posts