ලංකාපුත්‍ර බැංකුවට පොලු තැබූ දෙස්පාලන පුත්‍රයෝ කවුද?

Spread the love

lankaputra

ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව පිහිටුවූයේ ම දේශපාලන පුතුන් ගොඩගන්නට ය. එයින් රුපියල් කෝටි 200කට වඩා ණය ලබාගෙන පොලු තබා ඇත. මෙලෙස ණය ගත් උන් ඒවා ගන්නාවිට නැවත ගෙවන්නට සිහිනෙන්වත් සිතා සිටියේ නැත. බැංකුවේ වත්මන් සභාපතිවරයා එලෙස ණය ගෙන නොගෙවා සිටින 14 දෙනෙක්ට විරුද්ධව මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පැමිණිලි කළේ ඉකුත් වසරේ මාර්තු මාසයේ ය. දැන් මූල්‍ය අපරාධ ඒකකය එයට එරෙහිව නඩු පැවරීමට නීතිපති උපදෙස් ඉල්ලා ඇත.

අඩු ආදායම්ලාභියෙක් රාජ්‍ය බැංකුවකින් ණය මුදලක් ඉල්ලා සිටි විට එය ලබාදෙන්නේ ඇඟෙන් ඇටයක් දෙන්නා සේ අමාරුවෙනි. ඒ ණය අයදුම්කරුවාගේ මුත්තාගේ අමුඩයේ පාට පවා අසාගෙන උන් වැටී සිටින ඉඩම් පර්චස් කිහිපය ද ඇපයට තියාගන්නා මේ බැංකු කෝටි සිය ගණන් දේශපාලුවන්ට දන් දෙන ක්‍රමවේදය ප්‍රශ්න කළ යුතු ය.

RSL

Related Posts