දුමින්ද සිල්වා කවුද? දුමින්දව ඉස්සරහට ගත්තේ කවුද?

Spread the love

laansa

දුමින්ද සිල්වා නමැති පුද්ගලයා ගැන නැවතත් මෙහි ලියා වෙහෙසෙන්නට අවශ්‍ය නැත. දුමින්ද සිල්වා යනු කවරෙක්දැ යි රට ම දන්නා නිසා ය. ශේක්ෂ්පියර් නම් සාහිත්‍යකරුවා වරක් පැවසූ පරිදි අධමයා උත්තම කරන්නට, කලු පාට සුදු කරන්නට, බියගුල්ලා වීරයා කරන්නට, හොරුන්ට දණ නමා සම්මාන දෙන්නට මුදලේ බලයට හැකි ය. දුමින්ද සිල්වා යනු මෙයට ජීවමාන උදාහරණයකි.

අප නොගිණිය හැකි තරම් වාරයක් පවසා ඇති පරිදි යහපාලනය නමින් නව රජයක් බිහි වූයේ නිකම් නොවේ. දුමින්ද සිල්වා/මර්වින් සිල්වා පන්නයේ හැසිරීම් ද මහින්ද රෙජිමය එළවන්නට හේතු වූයේ ය. විය යුතු පරිද්දෙන් ම දුමින්දට මැතිවරණයට නාම යෝජනා නොලැබුණි. එසේ නොලැබිය යුතු පිරිස අඩු කළා නම් නාම යෝජනා දෙන්නට කිසිවෙක් ඉතිරි නොවන බව ඇත්තක් වුව ද දුමින්දට නොදීමත් එක්තරා යහපාලන යහවැඩකි.

එහෙත් අපට වාර්තාවන පරිදි දැන් දැන් දුමින්ද සිල්වා උස්සන්නට කිසිවෙකුට හෝ වුවමනා වී තිබේ. නිකංම නිකං පුරවැසියෙක් පමණක් නොව අපරාධ නඩුවක සැකකරුවෙක් ද වන දුමින්ද සිල්වාට නිදහස් උළෙලට ආරාධනා කර, අගවිනිසුරු අසුන අසල අසුනක් පිරිනමා ඇත. මේ පිටුපස සිටින්නේ කවුරුන් වුවත් මේ පිටුපස අශුද්ධ නෝට්ටු ඇති බව පැහැදිලි ය.

නිදහස් උළෙලට නිල ආරාධනා කිරීම පැවරෙන්නේ ස්වදේශ කටයුතු ඇමැතිට ය. එනම් වජිර අබේවර්ධන ය. එහි නියෝජ්‍ය ඇමැති නිමල් ලාංසා ය. ස්වදේශ කටයුතු අමාත්‍යංශය ජනතාවට වෙත මේ ගැන පැහැදිලි කළ යුතු ය.

RSL

Related Posts