තාජුඩීන් නඩුව ඊළඟ මැතිවරණය තෙක් ඇදෙයි ද?
මෑත කාලෙයේ පුවත් වෙබ් අඩවි සහ විවිධ මාධ්‍ය විසින් වැඩිපුර ම වාර්තා කළ පුවතක් ඇත්නම් ඒ මෙරට සිටි දක්ෂත ම රගර් ක්‍රීඩකයෙක් වූ වසීම් තාජුඩීන්ගේ ම්ලේච්ඡ ඝාතනය යි. පසුගිය කාලය වන විට ඒ සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයෙක් වූ මේජර් තිස්ස ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව, නම් ගම් සහිත ව මාධ්‍ය වාර්තා පළ …
Continue Reading
රාවණා බලය පිටුපස විමල් වීරවංශ?
විමල් වීරවංශ තම දේශපාලන ගමන අරඹන්නේ කවුරුත් දන්නා පරිදි වාමාංශික මූලයන් සහිත ජනතා විමුක්ති පෙරමුණෙනි. නමුත් ඔහු අන්ත ජාතිවාදය නඩත්තු කරමින් තම දේශපාලන ගෝස්තරය සොයා ගන්නා බව දැන් ප්‍රකට කරුණකි. එසේ ද වුවත් විමල් ප්‍රමුඛ අනුගාමිකයන් තමන් ජාතිවාදීන් බව ප්‍රසිද්ධියේ කිසිදු තැනක පිළිගන්නේ නැත. එසේ වුවත් ඔවුන් එළිපිට නොවන රහසිගත ක්‍රම වලින් මෙරට ජාතිවාදය නඩත්තු කරන බව අපට ලැබුණ තොරතුරකින් …
Continue Reading
ඩොලරය 147 ඉක්මවා යයි!
ශ්‍රී ලංකා රුපියල සහ ඇමරිකන් ඩොලරය අතරවන පරතරය බොහෝ සෙයින් වැඩිවෙමින් පවතින බව දකින්නට ලැබේ. ඊයේ එහි උච්චතම මිල ඉහළ යාමක් වාර්තා විය. එනම් ඩොලරයක ගැනුම් මිල රුපියල් 143.16ක් සහ විකුණුම් මිල රුපියල් 147.16ක් වශයෙනි. ආර්ථික විශේෂඥයන්ගේ මතයට අනුව, රට දරුණු ආර්ථික අර්බුදයක ගිලී ඇත. එය අද ඊයේ සිදු වූවක් නොවුණ ද අවුරුද්දක් පුරා වත්මන් ආණ්ඩුව ද පෙර ආණ්ඩුව මෙන් …
Continue Reading
අහෝ! උඩුවේ නොදුටු මොක්පුර…
මැදින් පොහොය දිනයක මෙවන් සටහනක් ලියන්නට සිදු වීම සංවේගයට කාරණයකි. නමුත් ජනතාවාදී මාධ්‍ය කලාවක් නියෝජනය කරන අප මෙය නොලියා සිටියහොත් එය ආත්ම වංචනිකත්වයකි. උඩුවේ ධම්මාලෝක චීවරධාරියාගේ තරම දැන් මුළු රට ම දැනගෙන හමාර ය. පසුගිය කාලයේ සිදුකරන ලද තිරශ්චීන ම ජාවාරම්වලින් එකක් වූ කුඩා අලි පැටවු ජාවාරමට උඩුවේ ධම්මාලෝක සම්බන්ධ බව රට ම දන්නා කරුණකි. එය එසේ නොවෙතියි කියන්නට චේතිය …
Continue Reading
මැදින් පොහොය දිනය අදයි!
මැදින් පොහොය හෙවත් සිරිපා පොහොය ලෙස විශේෂයෙන් හඳුන්වන පොහොය දිනය අදට යෙදී තිබේ. සිරිපා පොහොය ලෙස හැඳින්වෙන්නේ මේ කාලයේ වියළි කාලගුණය බැවින් සිරිපාවන්දනාවට බැතිමතුන්ට ඇති පහසුව නිසා ය. සිද්ධාර්ථ කුමරා සම්බුද්ධත්වය අවබෝධ කරගැනීමෙන් පසුව සිය ඥාතීන් සිටි කිඹුල්වත්පුරයට පළමුවරට වැඩම කරනු ලැබුවේ අද වැනි මැදින් පොහොය දිනක බව දැක්වේ. සිදුහත් කුමාර පුත්‍ර කුඩා රාහුල කුමාරයන් පැවිදි කරනු ලැබුවේ ද මෙවන් …
Continue Reading
ETCA සටන මුවහත් වෙයි!
අත්තනෝමතික හිතුවක්කාරී බවකින් යුතුව වත්මන් ආණ්ඩුව විසින් ඉන්දියාව සමඟ අත්සන් කරන්නට සූදානම්වන එට්කා ගිවිසුමට එරෙහි සටන නැවත වටයකින් ආරම්භ වී තිබේ. පෙර පැවැත්වූ කිසිදු රැස්වීමකින් පෙළපාලියකින් පසුවවත් ආණ්ඩුව ජනතාවට ඇහුම්කන්දීමේ පියවරකට නොගිය අතර මෙකී ගිවිසුමට ප්‍රතිපක්ෂවන පිරිස ද තම සටන අත්නොහැර විවිධ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙති. මේ සටනේ තවත් අවස්ථාවක් ලෙස බොහෝ ක්ෂේත්‍රවලට සහ වෘත්තීන්වල පිරිස් සමඟ එළැඹෙන මාර්තු 24 වැනිදා …
Continue Reading
හර්ෂණ රාජකරුණා වැඩ-කිඩ පෙන්වයි!
එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා විසින් පුද්ගලයෙකුට කළ පහරදීමක් රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. පසුගිය දා රාජකීය – තෝමස් විද්‍යාල අතර පැවැති ක්‍රිකට් තරඟය අතරතුර දී පෙර සිට හඳුනන අයෙක් විසින් මචං යහපාලනය කොහෙද යන්නේ? යැ යි ඇසූ පැනයකට කුපිතව අදාළ පැනය ඇසූ පුද්ගලයාට මේ මන්ත්‍රීවරයා සහ ඔහුගේ ඇම්බැට්ටයන් විසින් පහර දී ඇති බව දැනගන්නට ඇත. එම පුද්ගලයා මේ …
Continue Reading
බාර්කාරයෝ 100ක් පාර්ලිමේන්තුවේ!
වත්මන් පාර්ලිමේන්තු නියෝජිත මන්ත්‍රීන්ගෙන් 100 දෙනෙකුට මත්පැන් අලෙවිහල් තිබෙන බව වාර්තා වී ඇත. මුලු පාර්ලිමේන්තු නියෝජිත සංඛ්‍යාව 225ක් වන අතර, මේ අනුව ඉන් හරි අඩකට ආසන්න ප්‍රමාණයකට මත්පැන් අලෙවිහල් තිබෙන බව පෙනී යයි. මේ අතරින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීන් දෙදෙනෙක් සතුව මත්පැන්හල් 10 බැගින් තිබෙන බව දැනගන්නට ඇත. එක් අලෙවිසලකින් මසකට රුපියල් ලක්ෂ 20ක පමණ ලාබයක් ලැබෙන බව ද වාර්තා වෙයි. …
Continue Reading
“උද්ඝෝෂණ, රැස්වීම් තිබ්බට සුදු වෑන් එවන්නේ නැහැ!”
මෙම ප්‍රකාශය ඉකුත් දිනයක මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා විසින් කරන ලද්දකි. දැන් දැන් කොළඹ නගරයේ උද්ඝෝෂණ, පෙළපාලි සහ රැස්වීම් පැවැත්වෙන බවත් ඒවාට පහර දෙන්නේවත් ඒවා සංවිධානය කරන නායක කාරකාදීන්ගේ ගෙවල්වලට සුදු වෑන් එන්නේවත් නැති බව ජනපතිවරයා තවදුරටත් පවසා සිටියේ ය. ඒ සියලු දේවල් කරන්නට නිදහස සහිතව මෙරට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර තිබුණත් නියමිත කාලයට පෙර ආණ්ඩුව පෙරළීමට නොහැකි බවත් එය කළ හැකි නම් …
Continue Reading
අයියෝ සෝමවංශ!
සෝමවංශ පප්පා යනු හිටපු ජ.වි.පෙ. නායකයා ය. එතරම් සංවිධානාත්මක යැ යි ද, එතරම් විනයක් සහිත යැ යි ද කියාගන්නා ජ.වි.පෙ. මෑතක් වනතුරු තම නායකයාව සිටි මේ පුද්ගලයාගේ පරාභවය ගැන කියන්නේ කුමක් දැ යි අපි අසමු. නිර්ධන පංති ව්‍යාපාරයක ඕනෑ ම මොහොතක පැන නැඟිය හැකි සුළු ධනේශ්වර මතවාදය මේ යැ යි කියා නම් නොකියන්නැ යි අපි ජ.වි.පෙ.ට කියමු. සෝමවංශ පප්පා 88-89 …
Continue Reading