අයියෝ සෝමවංශ!

Spread the love

somawansha

සෝමවංශ පප්පා යනු හිටපු ජ.වි.පෙ. නායකයා ය. එතරම් සංවිධානාත්මක යැ යි ද, එතරම් විනයක් සහිත යැ යි ද කියාගන්නා ජ.වි.පෙ. මෑතක් වනතුරු තම නායකයාව සිටි මේ පුද්ගලයාගේ පරාභවය ගැන කියන්නේ කුමක් දැ යි අපි අසමු. නිර්ධන පංති ව්‍යාපාරයක ඕනෑ ම මොහොතක පැන නැඟිය හැකි සුළු ධනේශ්වර මතවාදය මේ යැ යි කියා නම් නොකියන්නැ යි අපි ජ.වි.පෙ.ට කියමු.

සෝමවංශ පප්පා 88-89 අරගල සමයේ රට පැන ගත්තේ ය. මධ්‍යම කමිටුවේ සියලු දෙනා විනාශ වෙද්දී ඔහු ඉතිරි වුණේ ය. එවක ජ.වි.පෙ. මාරාන්තික විරෝධයක් පළ කළ ඉන්දියානු රෝ ඔත්තු සේවය හරහා පිටරට ගියේ ය. මෙරට සිටියවුන් දතකාගෙන පක්ෂය සෑදූ පසු ගුවනින් පැමිණියේ ය. පොළව ඉම්බේ ය. කලුතර ගොස් පළමු රැළිය අමතා පැය ගණනක් කතා කළේ ය. පාක්ෂිකයෝ වැස්සේ තෙමි තෙමි අසා සිටියෝ ය. ඒ පාක්ෂිකයන්ට අද මොනවා සිතෙනවා ඇද්දැයි අපි කල්පනා කරමු.

දැන් සෝමවංශ පප්පාට පිස්සු සෑදී ඇති බව රට ම දන්නේ ය. විමල් වීරවංශලාට මේ වෙලාවේ ඕනෑ ම පරඬලාවක් වටිනා නිසා මයික් එක දුන්නත් ඇත්තට ම සෝමවංශ පප්පා දේශපාලනික පරාභවයෙන් විමල්ට දෙවැනි නොවේ.

අනුර දිසානායක ටික කලෙකින් මෙසේ නොවන්නේ යැ යි කාට නම් කිව හැකි ද?

අයියෝ සෝමවංශ!

RSL

Related Posts