අත්තනෝමතික හිතුවක්කාරී බවකින් යුතුව වත්මන් ආණ්ඩුව විසින් ඉන්දියාව සමඟ අත්සන් කරන්නට සූදානම්වන එට්කා ගිවිසුමට එරෙහි සටන නැවත වටයකින් ආරම්භ වී තිබේ. පෙර පැවැත්වූ කිසිදු රැස්වීමකින් පෙළපාලියකින් පසුවවත් ආණ්ඩුව ජනතාවට ඇහුම්කන්දීමේ පියවරකට නොගිය අතර මෙකී ගිවිසුමට ප්‍රතිපක්ෂවන පිරිස ද තම සටන අත්නොහැර විවිධ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙති.
මේ සටනේ තවත් අවස්ථාවක් ලෙස බොහෝ ක්ෂේත්‍රවලට සහ වෘත්තීන්වල පිරිස් සමඟ එළැඹෙන මාර්තු 24 වැනිදා හයිඩ් පිටියේ දී මහා රැළියක් පවත්වන්නට කටයුතු සූදානම් කර ඇති බව දැනගන්නට ඇත. විවිධ වෘත්තීය සමිතිවලට අමතරව දේශපාලන පක්ෂ කිහිපයක් ද මෙයට එක් වන්නට නියමිත ය.
ආණ්ඩුව පාර්ශ්වයෙන් කිසිදු නම්‍යශීලිත්වයක් හෝ සංවාද සූදානමක් දක්නට නැතිවීම සැකකටයුතු කරුණක් බව මේ ගිවිසුමට විරෝධය දක්වන පාර්ශ්ව මූලික කරුණක් ලෙස ගෙන එන්නකි. කෙසේ වෙතත් ජනතා විරෝධයට ඇහුම්කන් නොදීම ආණ්ඩුවට සුබදායක නොවනු ඇත.