එ.ජා.ප ගොන්පාට්!

Spread the love

UNP

ඉහවහා යමින් තිබෙන යූ.ඇන්.පී ගොන්පාට් සීමා කර ගැනීම කෙරෙහි ඔවුන් සැලකිලිමත් විය යුතුය‍.

රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවේ ඉන්නේ චන්ද්‍රිකාට, මෛත්‍රීට, ජ.වි.පෙට පින්සිද්ද වෙන්නට ය. ඒ නොවෙන්නට අදටත් විපක්ෂ නායක ය. රාජපක්ෂලා බිලියන් වලින් ගහනකොට රනිල් රටේ ප්‍රධාන විපක්ෂයේ නායකයා ය. කරපු මගුලක් නැත. එමෙන්ම එකල දේශපාලන වේදිකාවල දී ඔහු රාජපක්ෂ යන නමවත් කියන්නට පැකිළුණු බව අපිට මතක ය‍. විපක්ෂයේ සිටි මුළු කාලයම ගත කළේ පක්ෂයේ අවුල් විසඳාගන්නට ය. රටේ මිනිස්සු වෙනුවෙන් කල දෙයක් නැත. රාජපක්ෂලා අහවල් සංස්ථාවෙන් මෙච්චර ගැහුවා යැ යි අද තප්පුලන උන්ගෙන් ඇසිය යුත්තේ ඒ ගහන අවස්ථාවේදී තොපි සහ තොපේ වෘත්තීය සමිති බුදියගෙන ද හිටියේ? කියා ය.

මහින්ද එළවා දැමීමට කොට ඇද්දේ යූඇන්පී කාරයෝ නොවේ. එහෙත් අද පෙරහැරේ යන ගමන් ගොන්පාට් රඟන්නේ යූ.ඇන්.පිය යි. ඔය පෙරහැරවල් එච්චර දිග නැත.

පිනට ලැබුණු අගුවේ ඉඳගෙන ඉන්නටත් වෙනම පිනක් ඕනෑ බව කියා ඇත්තේ කට කහනවට නොවේ.

Charmi Sam

(මෙහි එන සටහන මුහුණුපොතන් ඉපිටුමකි. එහි රචකයා හෝ රචකාව Read sri lanka සාමාජිකයෙක් නොවේ. එකී අදහස්වල වැදගත්කම සලකා අප එය උපුටාගන්නෙමු. අප වෙබ් අඩවියේ අදහස් ඔහු හෝ ඇය විසින් දරනුයේ නැත.)

RSL

Related Posts