හර්ෂණ රාජකරුණා වැඩ-කිඩ පෙන්වයි!

Spread the love

harshana

එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා විසින් පුද්ගලයෙකුට කළ පහරදීමක් රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. පසුගිය දා රාජකීය – තෝමස් විද්‍යාල අතර පැවැති ක්‍රිකට් තරඟය අතරතුර දී පෙර සිට හඳුනන අයෙක් විසින් මචං යහපාලනය කොහෙද යන්නේ? යැ යි ඇසූ පැනයකට කුපිතව අදාළ පැනය ඇසූ පුද්ගලයාට මේ මන්ත්‍රීවරයා සහ ඔහුගේ ඇම්බැට්ටයන් විසින් පහර දී ඇති බව දැනගන්නට ඇත. එම පුද්ගලයා මේ වන විට රෝහල්ගත කර ප්‍රතිකාර ලබා දෙන බව ද වාර්තාවෙයි.

බලය ලැබීමට පෙර මහත්මා දේශපාලකයින් සේ හැසිරෙන බලය ලැබුණු පසු උද්දච්ච මෝඩයන් සේ හැසිරෙන මෙවැන්නන් ගැන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි තම ෆේස් බුක් ගිනුමේ මෙසේ සඳහන් කර තිබේ.

මා පසුගිය කාලය තුළ හර්ෂණ රාජකරුණා පුද්ගලිකවම දැන හදුනා ගත්තේ ප්‍රධාන ධාරාවේ දේශපාලනයට පැමිණෙන තරුණ දේශපාලනඥයින්ට ආදර්ශයක් විය හැකි චර්යාවක් පෙන්නුම් කරන විනීත තරුණ දේශපාලනඥයෙක් ලෙසටයි. ඒසේ වුව ද බලය ලැබුණායින් පසුව එවැනි අයත් හැසිරෙන්නේ මෙලෙස නම් මර්වින් සිල්වා වැනි අය විවේචනය කිරීමෙන් ඇති ඵලය කුමක්ද? හිරුණිකාගෙන් ආරම්භ වූ ලැයිස්තුව හර්ෂණගෙන් පසු තවත් කොයිතරම් දිගුවේද?

අපිට නම් නිර්මාල්ට මෙන් පුදුමයක් නැත්තේ, සුනඛ අශූචිවල මුලත් අගත් මැදත් වෙනසක් නැති බව දැනගන්නට දාර්ශනික පොත් කියවන්නට නුවුවමනා නිසා ය.

අපිට හර්ෂණ රාජකරුණාගෙන් දැන් අසන්නට පැනයක් ඇත.

“මචං.. යහපාලනය කොහේ ද යන්නේ?”

RSL

Related Posts